GMOA වැඩ වර්ජනය අසාධාරණයි - කිරිඇල්ල 

GMOA වැඩ වර්ජනය අසාධාරණයි - කිරිඇල්ල 

සිංගප්පූරු-ශ්‍රි ලංකා වේළඳ ගිවිසුම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කර ගනීමින් අගොස්තු 03වනදා රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය දියත් කිරිමට නියමිත දීප ව්‍යාප්ත වැඩ වර්ජනය සාධාරණ නොවන බව රාජ්‍ය ව්‍යසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරි ඇල්ල  පවසයි.

මහනුවර ඊයේ (26) පැවති උත්සවයකට එක්වෙම්න් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් කිසිසේත්ම ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට බලපෑමක් ඇති නොවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සිංගප්පූරු වෛද්‍යවරයෙකු එරට තුළදි ලක්ෂ 40කට ආසන්න වැටුපක් ලබන බැවින්  මෙරට සේවයට කිසි සේත් ඔවුන් නොපැමිණෙන බවත් මෙරට වෛද්‍යවරුන් එම රටට රැකියාව සඳහා යෑමට උත්සහ කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙම වැඩ වර්ජන පිටුපස දේශපාලන කුමන්ත්‍රණ පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න