Language Switcher

V2025

වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය විසුරුවා හැරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි  වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරූවා හැරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළගේ  උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇත.

 පසුගිය දිනවල බන්ධනාගාර දෙපාර්තුමේන්තුව සම්බන්ධයෙන් විවිධ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් කෙරුණු සොයාබැලීමකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

තවද විසුරවා හරින ලද බන්ධනාගාර බුද්ධි අංශය වෙනුවට අළුත් බුද්ධි අංශයක් පිහිටුවීමටත් කටයුතු සම්පාදනය කර ඇති බවද දැනගන්නට ඇත.