පරිසර විෂය ගත්තේ මොකටද ? : මෛත්‍රී කරුණු දක්වයි !

පරිසර විෂය ගත්තේ මොකටද ? : මෛත්‍රී කරුණු දක්වයි !

තමන් ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව පරිසර විෂය ද තමා යටතට පවරා ගත්තේ පරිසර විනාශයට දේශපාලන බලයේ ආශිර්වාදය හිමිවීම වැළැක්වීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කර සිටියේ  මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ජාතික නාමල් උයනේ සංවර්ධන හා ප‍්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (26) පෙරවරුවේ එක්වෙමිනි. 

පසුගිය වසර 50ක කාලය තුළ මේ රටේ සිදුවූ දැවැන්ත පරිසර විනාශයේ ප‍්‍රධාන වගකීම ගෙන තිබෙන්නේ ඇතැම් දේශපාලඥයින් වන අතර, දේශපාලන බලය පදනම් කර ගනිමින් සිදුවූ එම ව්‍යසනය ජාතියේ අවාසනාවක් බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

අද මෙරට වන ඝනත්වය සියයට 29  ක් පමණ අඩු මට්ටමක පවතින අතර, එම ප‍්‍රමාණයෙන් ද සියයට 1.4 ක ප‍්‍රමාණයක් වාර්ෂිකව විනාශවන බවට තොරතුරු අනාවරණය වී තිබෙන බව මෙහිදී ස`දහන් කළ ජනාධිපතිතුමා නිසි වැඩපිළිවෙළක් සහ ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ ඔස්සේ  මෙම අයහපත් තත්ත්වය වැළැක්වීමට කඩිනමින් සියලූදෙනා එක්විය යුතු බව ද ජනාධිපතිවරයා එහිදී  අවධාරණය කර ඇත.

එමෙන්ම ඉතිහාසයේ පළමු වතාවට පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් ති‍්‍රවිධ හමුදාවේ දායකත්වය ලබා ගැනීමට ද තමන් කටයුතු කළ බව පැවසූ ජනාධිපතිවරයා  ඒ වෙනුවෙන් අද ති‍්‍රවිධ හමුදාවෙන් ලැබෙන සහය ද ඇගයීමට ලක් කළේය. 

පුරාවිද්‍යාත්මක හා ඉහළ ජෛව විවිධත්ව වටිනාකමකින් යුතු රෝස තිරුවාණා කදුවැටිය සහිත නා උයන  මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත පවරාදීමට එහි භාරකාර පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් පියවර ගෙන ඇති අතර  වසර 25 ක් පුරා නාමල් උයන ආරක්ෂා කරමින් එය මේ දක්වා රැකබලාගත් පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ මෙහෙවරද   මෙහිදී ජනාධිපතිවරයාගේ  දැඩි ප‍්‍රසාදයට ලක්විය.

ජපන් ජාතිකයෙකුගේ ආධාර මත නාමල් උයන පරිශ‍්‍රයේ ඉදිකෙරුණු ජේ.ආර්. ජයවර්ධන අනුස්මරණ භාවනා මධ්‍යස්ථානය ද විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්ය.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ  ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත පවරාදීමත් සමග එහි ප‍්‍රවර්ධන කටයුතු රාශියක් සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවත් වසරකට ලක්ෂ හයක් පමණ සංචාරකයින් පැමිණෙන සීගිරිය ආසන්නයෙ ඇති මෙම ජාතික නාමල් උයන කෙරෙහි පවතින සංචාරක ආකර්ශනය තවදුරටත් වර්ධනය කිරීමට වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක බවත්ය.

image df7b546939

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න