විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගයට අධි චෝදනා ගොනු කරයි !

විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගයට අධි චෝදනා ගොනු කරයි !

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පළමු නඩු විභාගයට අදාළව අධි චෝදනා ගොනුකර තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වන ගාමිණී සෙනරත් සහ  පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අයට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇත.

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂවරුන් වන පියදාස කුඩාබාලගේ සහ නීල් හපුහින්නට රජයේ මුදල් සාවද්‍ය පරිහරණය යටතේ මීට පෙර චෝදනා එල්ල වී තිබිණ.

ඒ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධිත සමාගමක් යටතේ ඉදිකෙරෙන කොල්ලූපිටිය ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය යටතේ 2012 වසරේ වෙන් කෙරුණු රුපියල් බිලියන 185ක මුදලින් රුපියල් බිලියන 4ක් නීතිවිරෝධී ලෙස හම්බන්තොට ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් සඳහා යෙදවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න