පළාත් 07 ක මැතිවරණ පළමුව !

පළාත් 07 ක මැතිවරණ පළමුව !

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයට පෙර පළාත් සභා ජන්දය පැවැත්වීමට  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  සහ පාර්ලිමේනතුව නියෝජනය කරන පක්ෂ නායකයින් අතර අද (26) පැවැති සාකච්ජාවකදී තීරණයවී ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්වුණු අතර ශ්‍රී ලංකාවේ පළාත් සභා 09 කින් පළාත් සභා 07ක මැතිවරණය එකවර පැවැත්වීමට පවතින හැකියාව පිළිබඳව එහිදී අවධානය යොමුව ඇත.

මේ වන විටත් උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා 03 හි නිළ කාලය අවසන්ව ඇති අතර මධ්‍යම, වයඹ හා උතුරු පළාත් සභාවන්හි නිල කාලය සැප්තැම්බර් මාසයේදී අවසන් වේ.

එසේම දකුණු පළාත් සභාවේද නිල කාලය ලබන වසර මුල දී අවසන් වීම හේතුවෙන් පළාත් සභා 07 ක මැතිවරණය පැවැත්වීමට පක්ෂ නායකයන්ගේ  අවධානය යොමුව පවතින බවද වාර්තාවේ. 

මීට පැවැත්වු ඡන්ද අනුව බස්නාහිර හා ඌව යන පළාත් සභා දෙකේ පමණක් නිල කාලය අවසන් වීමට ලබන වසරේ තවත් මාස කීපයක් ඉතිරිව පවතියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න