ගෑණුන්ට ගහපු රාළහාමිට වැඩ වරදී!

ගෑණුන්ට ගහපු රාළහාමිට වැඩ වරදී!

රත්නපුර නගරයේදී පොලිස් නිලධාරියකුගේ පහරකෑමට ලක්වූ  "බට්ටි" නමැති කාන්තාව පිළිබඳව රටේම අවධානය දිනාගත් පුවතක් වූ අතර  ඇයට සිදුවූ අසාධාරණය වෙනුවෙන් නීතිඥ උදුල් ප්‍රේමරත්න විසින්  පවරන ලද මානව හිමිකම් නඩුව ඊයේ  (25) අවසන් විය.

ඒ ඇයගේ මානව අයිතිවාසිකම් කඩ වූ බවට තීන්දු කරමින් ඇයට රුපියල් 50,000/- ක වන්දි මුදලක් ගෙවන ලෙස පොලිස් නිලධාරියාට නියෝගයක් නිකුත් කරමින්ය.

2014 වසරේදී රත්නපුර බස් නැවතුම්පළ අසලදී පොලිස් නිළධාරියෙකු විසින් ඇයට පහර දෙන ආකාරය එම ස්ථානයේ සිටි අයෙකු රහසිගතව පටිගත කර සමාජජාලා වෙත යොමුකිරීමත් සමඟ කරළියට පැමිණි මේ සිදුවීම පසුව අනාවරණය වුයේ 2014 වසරේ සැප්තැම්බර් 6 වැනිදා සවස 3.00ට පමණ බට්ටී නමැති මෙම කාන්තාව රත්නපුර නගරයේ සිටියදී පොලිස් නිලධාරියා කිසිදු හේතුවකින් තොරව ඇයට පහරදුන් බවට පොලිසීයට කරුණු ඉදිරිපත් කර තිබූ අතර පොලිසිය විසින් එම පැමිණිල්ල පවා සටහන් කර නොගත් බවය.

තවද  රත්නපුර පොලිසියේ ස්ථාන භාර නිලධාරියාද ඇයගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන ලෙස  කටයුතු කර තිබුණේ අදාළ  කාන්තාවගේ මවද පසුව පාදඩ ආඥා පනත යටතේ අත්අඩංගුවට ගනිමින්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න