රාජපක්ෂ පාලන සමයේදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාව පැහැරගෙන ගොස් වදහිංසා පැනවීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හා 'සන්ඩේ ලීඩර්' කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධියට සම්බන්ධයෙන් ඔහුගේ දියණිය ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇත.
එම නඩුවේ විමර්ශන නිලධාරීන් වශයෙන් කටයුතු කරන සහකාර පොලිස් අධිකාරි බී. එස්. තිසේරා සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන මහත්වරුන් මෙලෙස ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර බලා ගොස් ඇති බව වාර්තා වෙයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කීර්ති නොයාර් මහතා මෙරටට කැඳවා තිබුණද ඔහු මෙරටට නොපැමිණීම නිසා පොලිසිය ඔහු සොයා ඕස්ට්‍රේලියාවට යාමට තීරණය කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
