ශ්‍රී ලංකන් හිටපු ලොක්කට ටෙලිකොම් එකෙනුත් පඩි

ශ්‍රී ලංකන් හිටපු ලොක්කට ටෙලිකොම් එකෙනුත් පඩි

කපිල චන්ද්‍රසේන මහතා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි ධුරය දරද්දී එම ගුවන් සේවාවට දැනුම් නොදී ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනවලින් රුපියල් ලක්ෂ පහක මාසික වැටුපක් ලබමින් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි ධුරයේ ක්‍රියාකර තිබෙන බව කොමිසම හමුවට ඊයේ (25) ලැබුණ ලිඛිත දැනුම්දීමකින් අනාවරණය වුණි.

පසුව එම ආයතනවල උපදේශකවරයකු ලෙස මාසිකව රුපියල් හාරලක්ෂ පනස්දහසක වැටුපක් ලබා තිබෙන බවත් එම ලිඛිත දැනුම්දීමෙන් තවදුරටත් අනාවරණය වුණි.

තවද චන්ද්‍රසේන මහතා මිහින්ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ධුරය දරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ප්‍රකාශ කර තිබෙන්නේ අධ්‍යක්ෂ ධුරය දරන බව යැයිද සාක්කිකාරිය වන ගුවන් සේවයේ ලේකම්වරිය ඩැල්රීන් තිරුකුමාර් මහත්මිය රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර මහතාගේ විමසීම් හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේ අදාළ ලේඛන කොමිසමට ඉදිරිපත් කරමින්ය.

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා කොමිසමේ දැනුම්දීමකට අනුව කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා වෙතට ලිඛිතව ඉදිරිපත් කරන ලද ලේඛනයකට අනුව කපිල චන්ද්‍රසේන මහතා එම ආයතනයේ දැරූ තනතුරු ලද වරප්‍රසාද සියල්ලම එම ලේඛනය මගින් කොමිසම හමුවට කුමාරසිංහ මහතා ඉදිරිපත් කර තිබුණි. මේ අනුව කපිල චන්ද්‍රසේන මහතා ප්‍රධාන විධායක නිලධාරි තනතුරු තුනක් රාජ්‍ය ආයතන තුනක දරමින් වැටුප් වරප්‍රසාද ලබාතිබෙන බවත් වැඩිදුරටත් හෙළිවී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න