මීතොටමුල්ල විනාෂයට වගකිව යුත්තන්ට නඩු පැවරීම ප්‍රමාදයි - මරික්කාර්

මීතොටමුල්ල විනාෂයට වගකිව යුත්තන්ට නඩු පැවරීම ප්‍රමාදයි - මරික්කාර්

මීතොටමුල්ල කසල කන්ද නායයෑම පිළිබදව විමර්ශනයට පත් කල ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මේ පසුගිය පෙබරවාරි මාසයේදී ජනාධිපතිතුමාට භාර දී ඇති බවත්, මේ වන තෙක් ඒ සම්බන්ධව නඩු පැවරීමක් සිදුව නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.
මන්ත්‍රීවරයා මේ අදහස් පළකරන ලද්දේ, මීතොටමුල්ල කසල කන්ද නායයෑම හේතුවෙන් දේපල අහිමිවූවන්ගේ ඉඩම් වලට අදාල වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින්ය. 

මෙහෙදී වන්දිලාභී පවුල් 61 ක් අතරේ රුපියල් මිලියන 327 ක මුදලක් බෙදා දෙන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

සාමාන්‍යයෙන් වන්දියක් ලබා දෙන විට අපි හරි සතුටින් එය ලබා කටයුතු කරනවා. ඒත්  මේ වන්දි එලෙස සතුටින් වන්දි ලබා දෙන්නක් නෙමෙයි. මේ කසල කන්ද නායයෑමේ වගකීම වර්තමාන රජයත් පසුගිය රජයත් භාර ගන්න ඕනේ. පොල් කර්මාන්තයට, සීනී කර්මාන්තයට පවා ඇමතිවරු සිටිය රටක කසල කළමණාකරණයට වගකිව යුතු ආයතනයක්, අමාත්‍යාංශයක් නෑ. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා කොමිසමක් පත් කළා මේ සිදුවීම ගැන හොයන්න. ඒ කොමිසමට මේ ප්‍රදේශයේ ජනතාව වගේම මමත් ස්වේච්ඡාවෙන් ගිහිල්ලා සාක්ෂි දුන්නා. ඒ වාර්තාව ජනාධිපතිතුමාට භාර දුන්නා පෙබරවාරි මාසේ. ඒ නිසා ජනාධිපතිතුමාට මේකේ තව ඉතුරු වැඩකොටසක් තියෙනවා. ඒ තමයි මේ පත් කරපු ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරලා. සෘජුවම වැරදි කරුවන් ලෙස නම් කරපු දෙන්නෙක් ඉන්නවා. ඒ වගේ රාජ්‍ය ආයතන 05 ක් තියෙනවා, මේ වැරදිකරුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග අරගන්න ඕනේ.පසුව ඒ වැරදිකරුවන් හිරේ යවනකම් මේක ඉවර වෙන්නේ නෑ. මේ වන්දි ලබා ගන්න මං මහන්සි වුනා වගේම , මේ විපතට වගකිව යුතු අය හිරේ දානකම් මහන්සිවෙනවා යැයි පැවසීය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න