මොණරාගල මහින්ද පිලේ ටියුෂන් ගුරාලා සිසුවියන් රැසක් දූෂණය කරලා !

මොණරාගල මහින්ද පිලේ ටියුෂන් ගුරාලා සිසුවියන් රැසක් දූෂණය කරලා  !

උපකාරක පන්ති සඳහා පැමිණි සිසුවියන් දුෂණය කිරීම සම්බන්ධව  මොණරාගල ප්‍රදේශයේ රජයේ විද්‍යාලයක ඉතිහාස ගුරුවරෙයෙක් හා පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙකු පසුගිය 24 වනදා  රාත්‍රියේ මොණරාගල  පොලීසිය අත් අඩංගුවට ගෙන ඇති  අතර  ඔවුන් ලබන මස 03 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මොවුන් මොණරාගල මධුරකැටිය විද්‍යාලයේ ඉතිහාසය ගුරුවයා වන හෂාන් රත්නායක හා උසස් පෙළ තාක්ෂණවේදය විෂය සඳහා වන ටියුෂන් ගුරුවරයෙකු වන සුනෙත් ප්‍රියන්ක හෙට්ටිගොඩ නැමති අයවළුන් වේ.

මේ වන විටත් අනාවරණය වී ඇති ආකාරයට  මොනරාගල කලාපයේ දක්ෂතම ගුරුවරයා ලෙස ජනාධිපති සම්මාන ලබා ඇති හෂාන් රත්නායක ඌව හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ සමීපතමක හිතෙවතුකුද වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහාය පලකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයින් වන මේ පුද්ගලයින් සිය දේශපාලන බලය පෙන්වා ප්‍රදේශයේ කටයුතු කරන බවද අනාවරණ‍ය වී තිබේ.

මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඉතිහාසය විෂය උගන්වන  හෂාන් රත්නායක නම්  ගුරුවරයා තම බිරිඳව පොළොන්නරුව ප්‍රදේශයේ සිය දෙමාපියන්ගේ නිවසේ නවතා දැරියව ඔහුගේ නිවසට ගෙන්වාගෙන දූෂණය කර තිබෙන බවත් පසුව එම දැරිය ඔහුගේ ටියුෂන් මිතුරෙකු වන අනෙක් සැකකරුට ලිංගික කාර්ය සඳහා ලබා දී ඇති බවත් අනාවරණය වී ඇත.

පසුව එම ටියුෂන් ගුරුවරයා මෙම දැරිය මොණරාගල නගරයේ ප්‍රධාන කනිෂ්ඨ විද්‍යාලයක් ආසන්නයේ ඇති ලැගුම්හලකට රැගෙන ගොස් එම දැරිය සමග ලිංගිකව හැසිරෙන දර්ශන තම ජංගම දුරකථනයෙන් වීඩීයෝ ගත කරගෙන ෆේස්බුක් වෙත නිදහස් කර තිබෙන බව අනාවරණය වී ඇත.

සැකකාර ගුරුවරුන් දෙපළ මීට අමතරව තවත් දැරියන් රැසක් අපයෝජනයට ලක් කර තිබෙන බවද සිදු කළ විමර්ශනවලදී අනාවරණය වෙමින් ඇතැයි මොණරාගල පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම මොවුන් ජාතිවාදී අදහස් ප්‍රචලිත කරන්නන් බවත් තම පන්ති වලදී පවා මේ රට සිංහලයන්ගේ පමණක් රට වන අතර සිංහල ජාතිය රැකගැනීමට නම් මහින්ද රාජපක්ෂ හෝ රාජපක්ෂවරුන් සම්බන්ධ පාර්ශවයකට රට භාරදිය යුතු බවට දරුවන්ට උගන්වා ඇති බවද දැනගන්නට ඇත. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දෙන ලෙසත් එහි දේශපාලන කටයුතු වලට සම්බන්ධවී අනාගතය ජයගන්නා ලෙස නිතර පන්ති වල සඳහන් කර තිබෙන බවද වාර්තා වෙයි. මේ පිළිබඳ එම ප්‍රදේශවල තරුණයන් සඳහන් කරන ආකාරයට ඔවුන් ඊළඟ රාජපක්ෂ නැගිටීමේදී පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීමටද අපේක්ෂාවෙන් සිටි බවත් ඒ ගැන නිතර තරුණයන් දැනුවත් කර දේශපාලන කටයුතු සඳහා එක්වන ලෙස ආරාධනා කල බවද ඔවුන් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න