ත්‍රිවිධ හමුදාවේ සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 349 දෙනකුට ගිය වසරේදී තීරු බදු රහිත වාහන බලපත්‍ර දී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.
ආරක්ෂක අමාත්‍යංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවේ මේ බව සඳහන් වන අතර ත්‍රිවිධ හමුදාවේ හා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් 314 දෙනකුටත් විශ්‍රාමික නිලධාරීන් 35 දෙනකුටත් තීරුබදු රහිත වාහනබලපත්‍ර මෙසේ නිකුත් කර තිබෙන බවත් එහි දැක්වේ.
දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන්ගේ තීරුබදු රහිත වාහන බලපත්‍ර වැඩිම ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවටය. යුද හමුදාවේ නිලධාරීන් 171 දෙනකුට ඒ බලපත්‍ර නිකුත් කර ඇත.
ඊට පසු නාවික හමුදාවේ නිලධාරීන් 86 දෙනකුටත් ගුවන් හමුදාවේ ලිනධාරීන් 48 දෙනකුටත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 9 දෙනකුටත් තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කර ඇතැයි එම වාර්තාවේ සඳහන්ය.
මීට අමතරව යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් 22ටත් ගුවන් හමුදාවේ විශ්‍රාමික 8 දෙනකුටත් නාවික හමුදාවේ නිලධාරීන් පස් දෙනකුටත් තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
