දුම්රිය වර්ජනයට හේතුවූ ඉඩමේ සුලමුල මෙන්න !

දුම්රිය වර්ජනයට හේතුවූ ඉඩමේ සුලමුල මෙන්න !

මරදාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය මුල්කරගෙන දුම්රිය සේවකයින් පසුගිය 26 වනදා පැය කිහිපයක වර්ජනයක නිරත විය.

ඒ හේතුවෙන් දැඩි උණුසුම් තත්ත්වයක්ද මතුවූ අතර එම  ප්‍රශ්නගත ඉඩමේ සුලමුල මෙසේය.ප්‍රශ්නගත ඉඩම දුම්රිය දෙපාර්තමේන්තුවට අයත්ව තිබියදී 2011 වසරේ නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන තිබේ. පසුව එම ඉඩම මෙරට විශාලතම තාක්ෂණික නගරය ලෙස සැළකෙන ට්‍රේස් තාක්ෂණික නගරයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් බදු දී ඇත්තේ 2015 වසරේදී ය.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 10 ක විශාලත්වයකින් යුත් මෙම ඉඩමේ අක්කර 7ක් පුරා ට්‍රේස් තාක්ෂණික නගරය ඉදිකර ඇති අතර මේ වනවිට කතාබහට ලක්ව ඇත්තේ එහි රථගාල සම්බන්ධයෙනි.

ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් යටතේ කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ සවිස්තරාත්මක නිර්මාණ කටයුතු මේ දිනවල සිදුකෙරෙන අතර ඊට අදාළව කොළඹ දුම්රිය පාලන මධ්‍යස්ථානය සහ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ඉදිකිරීම වෙනුවෙන් මෙම භූමිය යොදා ගැනීමට ඉල්ලීමක් කර තිබේ.

ඊයේ පස්වරුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් වැටක් ගසා වෙන් කිරීමට උත්සහා දරා තිබුණේ එම රථගාලයි.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා

දුම්රිය දෙපාර්තමේන්තුවට තවත් අයිති ගොඩාක් ඉඩම් ඔතන තියෙනවා.බොහෝ වෙලාවට අඩු භාවිතයේ තියෙනනේ. ඒ නිසා ඒ අඩු භාවිතයෙ තියෙන ඉඩමක් මේ මීට වැඩිය හොදට පාවිච්චි කරන්න පුළුවන් කියලා අපි හිතනවා. ඒ නිසා අපි යෝජනාවක් කළා ඔවුන්ට වෙන තැනක් අපි ඒ ගැන සළකා බලමු කියලා. ඒ සළකා බැලීම කරගෙන යන අතරතුර තමයි දැන් මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති මං හිතන්නේ මේ විරෝධතාවය දක්වලා ඉඩම ආපහු ලබා ගන්න ඕනෙයි කියලා මේ වෙලාවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට ගිහින් තියෙන්නේ
කෙසේ වෙතත් ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් යටතේ ඉදිවන කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නිව්ස්ෆස්ට් කළ විමසීමකදී සඳහන් කළේ, සැලසුම්ගත කොළඹ දුම්රිය පාලන මධ්‍යස්ථානය සහ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ඉදිකිරීම වෙනුවෙන් මේ වනවිට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව ය.

ඊයේ දිනයේ අදාළ වැට ඉදිකිරීමට කටයුතු කරනු ලැබුවේ ඒ හා සම්බන්ධ සියලු පාර්ශ්ව දැනුවත් කිරිමෙන් අනතුරුව බව ද ඔහු සඳහන් කළේය.
එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩි දුරට ත් කියා සිටියේ අදාළ දුම්රිය පාලන මධ්‍යස්ථානය සහ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයේ සැලසුම්ගත තාක්ෂණික පද්ධතිය මෙරට දියුනුතම තාක්ෂණික පද්ධතියක බව ය.

ඒ ඔස්සේ ට්‍රේස් තාක්ෂණික නගර ව්‍යාපෘතියට ද ඉහළ ප්‍රතිලාභ ලැබිය හැකි බව ද ඔහු වැඩි දුරට ත් සඳහන් කළේය.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා

මෙතැන තියෙන එකම දේ තමයි කවුරුත් දැනුවත් වෙලා නෑ.අගමැතිතුමා මං හිතනනෙ නිමල් සිරිපාල ද ඇමතිතුමාත් හරියට දැනුවත් වෙලා නෑ මේ ගන්න යන්නේ අයි ටී පාර්ක් එකේ මැද්දේ ප්ලෑන් එකක් තියෙන ඉඩම කියලා.එතකොට ඒ පිළිබඳව දැනුවත්කම කොච්චර තිබුණද කියලා දන්නේ නෑ කැබිනට් මණ්ඩලය. සමහර වෙලාවට කැබිනට් පේපර් 40ක් 50ක් 60ක් 70ක් 80ක් විතර ආපුවාම කැබිනට් එකේ කොච්චර සාකච්ඡා වෙනවාද කියන ප්‍රශ්නය පිළිබඳව මං හිතන්නේ වෙනම කථිකාවතක් පවත්වන්න වෙනවා. අපි කිව්වේ කරුණාකරලා එදා බ්‍රහස්පතින්දා ලෝන් වීකෙන්ඩ් එකෙන් පස්සේ සාකච්ඡා කරලා මේක කරමු. මම ඒ කට්ටියගෙන් ඇහුවාම ගොල්ලෝ කිව්වා ෆීසිබිලිටි එකවත් කරන්න තාම ඒගොල්ලන්ගේ ටීම් එක එන්නේ මේ අවුරුදදේ ඔක්තෝබර් මාසේ. මේකට ණය ප්ලෑන් පාස්වෙන කොට 2019 වනවා කියලා. ඉතින් ඒකට ඕන තරම් වෙලා තියෙනවා කිසි හදිස්සියක් නෑ මේක පෝය දවසේ ගහන්න ඕනෙ කියලා. ඒ නිසයි අපි ඉතාමත් සාධාරණව ඉල්ලුවේ කරුණාකරලා නිමල් ඇතිතුමත් එක්ක සහ සියල පාර්ශවයන් එක්ක සම්පූර්ණ දැනවත් වීමකින් ඇතුව මේක සාකච්ඡා කරමු කියලා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න