ලසන්ත ඝාතනයට පෙර අත්අඩංගුවට ගන්න හදලා 

ලසන්ත ඝාතනයට පෙර අත්අඩංගුවට ගන්න හදලා 

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට පෙර අවස්ථාවක දී ඔහුව අත්අඩංගුවට ගෙන සිරගත කිරීමේ උත්සාහයක් තිබූ බව 'රාවය පුවත්පත වාර්තා කර ඇත. 

ඒ ලසන්ත වික්‍රමතුංග විසින් අරලියගහ මන්දිරයේ රහසිගත භූගත බංකරයක් තිබෙන බවට සන්ඩේ ලීඩර් පුවත්පතේ ලිපියක් පළ කිරීම නිසා බව එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

මාධ්‍යවේදී ලසන්නත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටි නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා විසින්  2018 ජූනි 11 දින ලබාදුන් ප්‍රකාශයකින් එබව අනාවරණය වේ. 

දෙසැම්බර් 25 වන දින දහවල් 12 ත් 1.30 යි අතර නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක දුරකතනයෙන් තමාව අමතා ලසන්ත වික්‍රමතුංග මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දුන් බව නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා රහස් පොලිසියට ප්‍රකාශ කර තිබේ.

මේ පිළිබඳ තමන් ක්‍රියාකාරී නොවුණ නිසා දෙසැම්බර් 26, 27 සහ 28 දිනදීද නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක ලසන්ත වික්‍රමතුංගව අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දුන් බව එම ප්‍රකාශයේ වැඩි දුරටත් කියවේ.

මෙහිදී නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් පැමිණිල්ලක් රහිතව අත්අඩංගුවට ගැනීමට ඇති නොහැකියාව ගැන පවසා ඇතත් මෙය ගෝඨාභය රාජපක්ෂගේ නියෝගයක් බව නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක මහතා වැඩිදුරටත් උපදෙස් දී තිබූ බව අදාළ ප්‍රකාශයේ සඳහන්ය. 

ඒ අනුව මාධ්‍යවේදී ලසන්නත වික්‍රමතුංග අත්අඩංගුවට ගැනීමට තමාම ගිය බවත් එසේ යද්දී ලසන්ත වික්‍රමතුංගව තවත් විදේශීකයන් කිහිප දෙනෙකු සමග අත්අඩංගුවට පත්වීමේ සූදානමින් සිටි බවද එම ප්‍රකාශයේ සඳහන්ව ඇත.  

එහෙත් ඒ අවස්ථාව වන විට ලසන්න වික්‍රමතුංග මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක මහතා දුරකතනයෙන් දැනුම් දුන් බැවින් තමන් ආපසු හැරී ආ බවද නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා පවසා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න