අල්ලස් කොමිසමේ තත්ත්වය බරපතලයි !

අල්ලස් කොමිසමේ තත්ත්වය බරපතලයි !

තම ‍කොමිසමෙන් අපේක්ෂිත අරමුණු ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් මේ දක්වා තමන් වෙත ලැබී නොමැති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සරත් ජයමාන්න පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කල අතර ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභවෙන් එන සාක්ෂි මත නඩු පැවරීමේ බලයක් තවමත් අල්ලස් කොමිසමට නොමැති බවත් අල්ලස් කොමිසමට සිදු කළ හැක්කේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් සාක්ෂිකරුවන් නැවත ගෙන්වා දෙවනි වරටත් සාක්ෂි ලියා ගැනීම පමණක් බවද ඔහු සඳහන් කර ඇත.

එසේම අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ වැටුප වැඩි නොකරන්නනේ නම් අල්ලස හා දූෂණය තුරන් කරන්නේ කෙසේදැයි යන ප්‍රශ්නය ගැන වගකිව යුතු පාර්ශව වල අවධානය යොමුවිය යුතු බවත් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සරත් ජයමාන්න පවසයි.

ඒ සමඟ මේ වන විටත් කොමිසමට අයත් පැරණි ගොඩනැඟිල්ලේ කොටසක් කඩාවැටී ඇති බැවින් අල්ලස් කොමිසමේ නිලධාරීන්ගෙන් කොටසක් වෙනත් ස්ථානයක සිටින බවත් අලුත් නිලධාරීන් ගන්නේ නම් නව ගොඩනැගිල්ලක් අවශ්‍ය බවද  අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇති අතර නව ගොඩනැඟිල්ල සඳහා අවසර ලැබී ඇතතත් නාගරික සංවර්ධන අධිකාරිය එයට හරස් වී ඇති බවද ඔහු සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න