කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (28) රාත්‍රී පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව අද රාත්‍රී 09.00 සිට හෙට අළුයම 06.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, රත්මාලන, කළුබෝවිල, නැදිමාල ඇතුළු නුගේගොඩ ප්රබදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
එමෙන්ම රාජගිරිය රෝයල් පාර්ක්,ලේක් ගාඩ්න්, බණ්ඩාරණායකපුර, පැලවත්ත සහ මුල්ලේරියාව යන ප්ර දේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.
මීට අමතරව කොළඹ 05 ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බව ද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

