ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුරවල සංශෝධන කිහිපයක් සිදුකිරීමට තීරණයවී ඇති බව වාර්තා වෙයි.
ශ්‍රීලනිප පක්ෂ මහ ලේකම් උපුටා දක්වමින් එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ආසන සංවිධායක ධුරවල නිසි පරිදි කටයුතු සිදුනොකරන සහ ආසන සංවිධායකවරුන් නොමැති දිස්ත්‍රික්ක වලට නව සංවිධායකවරුන් පත් කිරීම සඳහා කමිටුවක් ද පත් කර ඇත.
එසේම අමාත්‍ය ධුරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ ආසන සංවිධායක ධුර සම්බන්ධයෙන්ද මෙම කමිටුව මගින් සොයා බලන බවත් පසුව එම කමිටුවේ නිර්දේශ මත අදාළ පාර්ශවයන්ට අයත් ආසන සංවිධාන කටයුතු පිළිබඳ තීරණ ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.

