‘යළි පිබිදෙමු ‍පොලොන්නරුව’ වැඩසටහනින් : ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට

‘යළි පිබිදෙමු ‍පොලොන්නරුව’ වැඩසටහනින් : ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට

‘යළි පිබිදෙමු ‍පොලොන්නරුව’ වැඩසටහනින් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඉදි කළ ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අගෝස්තු 1, 2, 3 දිනවලදී සිදු කෙරේ.

එම ව්‍යාපෘති ජනගත කිරීමේ අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ඇමැතිවරු, විද්වත්හු හා කලාකරුවෝද එක් වෙති.

එම ව්‍යාපෘති 180 සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 2144කි. ඒ අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් 85 ක භෞතික සම්පත් සම්පූර්ණ කරමින් පන්ති කාමර ගොඩනැගිලි, සම්පත් මධ්‍යස්ථාන, තාක්ෂණික උපදේශන ඒකක, විදුහල්පති හා ගුරු නිල නිවාස, බහුකාර්ය ගොඩනැගිලි ආදි වශයෙන් පරාසයක විහිදෙන අවශ්‍යතා සපුරා දී තිබේ. පාසල් අධ්‍යාපනයට අයත් මෙම ව්‍යාපෘති 110 සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 665කි. සෞඛ්‍ය සම්පන්න නිරෝගි ජනතාවක් උදෙසා දිස්ත්‍රික්කය පුරා බටහිර හා ආයුර්වේද රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ ක්‍රියාන්විතයෙහි තවත් එක් අදියරක් සම්පූර්ණ කරමින් රුපියල් මිලියන 890ක් වැය කරමින් ඉදි කර ඇති ව්‍යාපෘති 15ක් ද මේ යටතේ ජනතා අයිතියට පැවරේ.

හිඟුරක්ගොඩ දිස්ත්‍රික් රෝහලට අලුතින් එක්කර ඇති වකුගඩු රෝගී සායන ගොඩනැගිල්ල, දත්ත හා ශල්‍ය වෛද්‍ය ඒකකය, බකමූණ රෝහලෙහි පරිපාලන ඒකක ගොඩනැගිල්ල හා වකුගඩු සායන ගොඩනැගිලි, මනම්පිටිය රෝහලෙහි බාහිර රෝගී අංශය සඳහා සහ සායනික කටයුතු සඳහා ඉදි කළ ගොඩනැගිල්ල, මනම්පිටිය ආයුර්වේද රෝහලෙහි නව වාට්ටු ගොඩනැගිල්ල සහ අරලගංවිල රෝහලෙහි නව රසායනාගාර හා සුවදිවි ගොඩනැගිල්ල මෙන්ම දිස්ත්‍රික්ක පුරා රෝහල් කිහිපයක වෛද්‍ය නිලධාරි කාර්යාල සමඟ අනෙකුත් අවශ්‍යතා ඒ අනුව සම්පූර්ණ කර තිබේ.

මැදිරිගිරිය නගරයේ නව බස් නැවතුම්පොළ හා හිඟුරක්ගොඩ දෙමහල් වෙළෙඳ සංකීර්ණය, ලංකාපුර ඉදි කර ඇති ප්‍රේක්ෂකයන් 800කට අසුන්ගත හැකි රංග ශාලාව ද මෙයට ඇතුළත්ය. එයට අමතරව පොලොන්නරුව නව මහනගර සභා ගොඩනැගිල්ල, ලක්ෂඋයන ප්‍රජා ශාලාව, මනම්පිටිය හෙළ බොජුන් හල වැනි ව්‍යාපෘති සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 343කි. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි බෞද්ධ, හින්දු හා ඉස්ලාම් පූජනීය ස්ථානවල සංවර්ධනය වෙනුවෙන් සම්පූර්ණ කර ඇති මුදල රුපියල් මිලියන 55කි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න