ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා නිසි බලධාරියෙකු පත් කිරීමට අදාළව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ අවසාන කොටසේ යතුරු ලියන දෝෂයක් හේතුවෙන් 41 (1) වගන්තිය වෙනුවට 44 (1) වගන්තිය ලෙස සටහන්ව තිබූ බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම දෝෂය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මණ්ඩලයේ අවධානයට යොමුකර එය නිවැරදි කිරිමෙන් අනතුරුව පසුගිය 24 දා පැවැති කැබිනට් හමුවේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගත් බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.
එසේම එම ගැසට් නිවේදනය ඉදිරියේදී පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට ඉදිරිපත් කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
අර්ජුන සමග එල්ලුණු තැන :
කෙසේ වුවත් අදාළ ගැසට් නිවේදනය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කළ අවස්ථාවේ දී එහි දෝෂය පෙන්වාදීමට අමාත්‍ය අර්ජුන රණතුංග ඉදිරිපත්වූ අවස්ථාවේ අමාත්‍යවරුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ බව වාර්තා විය.
අර්ජුන පසුව කී කතාව :
ක්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතු නොසොයන්නැයි එහිදී ජනාධිපතිවරයා අර්ජුන අමාත්‍යවරයාට දැනුම්දුන් බවද වාර්තා වූ නමුත් පසුගියදා අමාත්‍ය අර්ජුන රණතුංග මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියේ කැබිනට් මණ්ඩලයේදී කිසිම විටක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමාට එවැන්නක් නොපැවසූ බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මම කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වූ දේවල් එළියේ කථා කරන්නේ නැහැ. නමුත් මෙතැනදී මම උත්තරයක් දිය යුතු වනවා. ජනාධිපතිතුමා එවැනි ප්‍රකාශයක් මට නොකළ බව කැබිනට් මණ්ඩලයේ සම ප්‍රකාශයක රාජිත සේනාරත්න මැතිතුමා පැවසුමට කියන්න තියෙන්නේත් එවැනි ප්‍රකාශයක් ජනාධිපතිතුමා කළේ නැහැ. මේ අසත්‍ය පුවත වාර්තා කිරීමෙන් අපහාසයක් වුණේ මට නෙමෙයි. ජනාධිපතිතුමාට. ක්‍රීඩාව ගැන සංවේදී දැනුමක් තියෙන ජනාධිපතිතුමා එවැනි ප්‍රකාශයක් කරයිද? මෙවැනි අසත්‍ය පුවත් ඇත්තටම මවන්නේ ඡන්ද පදනමක් නැති අනාථ වෙච්ච දේශපාලනඥයෝ.
ඔවුන් පස්ස දොරෙන් තානාන්තරවලට එන්න උත්සාහ කරනවා. ඔවුන්ට සල්ලිවල ප්‍රශ්නයක් නැහැ. සූදු ව්‍යාපාරවලින් උපයන කලු සල්ලි ඕනතරම් ඔවුනට තියෙනවා. ඒගැන මහජනතාවත් දන්නවා. ඒකනේ පසුගිය මහ මැතිවරණයේදී මේ අනාථ දේශපාලනඥයින් මහජනතාව විසින් ප්‍රතික්ෂේප කළේ.”

