Language Switcher

V2025

ෆොන්සේකා අලි සංහාරයක ?

උතුරේ යුද්ධය නිමා කළ ආකාරයට අලි මිනිස් ගැටුම නිමා කළ නොහැකි බවත් එහෙත්  සරත් ෆොන්සේකා ඇමැතිවරයා වන අලින්ට එරෙහිව අවි අමෝරාගෙන එවැනි වැරැදි පිළිවෙතකට අවතීර්ණව සිටින බවත්  පරිසර සංවිධාන චෝදනා කරයි.

මෙරට පරිසර සංවිධාන 18ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එසේ චෝදනා කරන අතර ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම වසර එකහමාරකින් විසඳීමේ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් ඇමැතිවරයා මෙම පිළිවෙතට අවතීර්ණව ඇතැයිද එහි සඳහන්ව ඇත.
 
මිනිස් ක්‍රියාකාරකම් සහිත සියලු ප්‍රදේශවලින් වන අලින් දහස් ගණනින් පන්නා රක්ෂිතවලට කොටු කිරීමටත් ප්‍රශ්නකාරී තනි අලි ජීවිතාන්තය දක්වා සිර කිරීමටත් මෙමගින් යෝජනා කර තිබෙන බවත් එය අලි කළමනාකරණ ජාතික ප්‍රතිපත්තියට පටහැනි සියලු විද්‍යාත්මක සොයා ගැනීම්වලට විරුද්ධ යථාර්ථවාදී නොවන වැඩපිළිවෙළක් යැයිද එහි සඳහන්කර තිබේ.
 
එහෙයින් අමාත්‍යවරයාගේ මේ  නව වැඩපිළිවෙළ ක්‍රියාවට නැගීමට උත්සාහ කිරීමෙන් පවා අලි මිනිස් ගැටුම තවත් නරක අතට හැරී වන අලි සංහාරයක් බවට එය පත්වනු ඇතැයි ද එම පරිසර සංවිධාන වැඩිදුරටත් පවසයි.