මහින්දට බෑ - විජේදාස !

මහින්දට බෑ - විජේදාස !

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉතාම  පැහැදිලිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හෝ හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංගට නැවත ජනාධිපතිවරණයට තරඟ කළ නොහැකි  යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන්කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (II)  වගන්තියට  අනුව ජනතාව විසින් දෙවරක් තෝරා පත් කර ගනු ලැබු තැනැත්තෙකු නැවත එකී ධුරයට තෝරා ගැනීම සඳහා සුදුස්සෙක් නොවන බව පැහැදිලිවම සඳහන් වන බවද ඇමැතිවරයා පවසා සිටියි.

මීට අමතරව ජනාධිපති මැතිවරණ පනතට අනුව ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකු  දිවුරුමක් අත්සන් කළ යුතු අතර එම දිවුරුම්දීම වැරැදි ලෙස ලබා දීම දණ්ඩනීතී සංග්‍රහයේ 190 වැනි වගන්තියේ අනුව අපරාධ වරදක් වන බවද එකී වරදට වසර තුනක සිර දඩුවමක් හිමි වන බවද අමාත්‍යවරයා පවසයි.
කෙසේ වුවත් මෙහිදී මාධ්‍ය විමසා සිටියේ අගමැතිධුරය සඳහා හිටපු ජනාධිපතිවරයෙකුට අවස්ථාව තිබේද යන්නය.

එහිදී අගමැති ධුරය දැරීමට නොහැකියාවක්  ව්‍යවස්ථාවේ නැති නමුත් ජනාධිපතිවරයා නොමැති විට ඒ අවස්ථාවේ අදාළ වගකීම් පැවරෙන්නේ අගමැතිවරයාට වීමත් ඒ හමුවේ ඇතිවන තත්ත්වය ගැන පිළිතුරක් දීමට අමාත්‍යවරයා අසමත්වූ අතර ඒ ගැන වෙනම බැලිය යුතු බව අමාත්‍යවරයා පිළිගත්තේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න