Language Switcher

V2025

මේ වසර තුන හුස්ම ගත්ත වසර තුනක් - අගමැති 

“මේ වසර තුන අපි හුස්ම ගත්තු වසර තුනක් බවත්  දේශපාලන සංස්කෘතිය කඩ කරල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩකටයුතු කළා සේම මහ මැතිවරණයෙන් අපි ජාතික ආණ්ඩුවක් ද ඇති කර රටේ ප්‍රධාන පක්ෂ දෙක එකට ආණ්ඩු කරන තත්ත්වයක් නිර්මාණය කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මේ බව ප්‍රකාශ කළේ රත්නපුර සීවලී ක්‍රිඩාංගනයේදි පැවැති ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදි දීමේ ජාතික වැඩසටහන රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරිමේ අවසථාවට ප්‍රදාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

 එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

අපි ආණ්ඩුව භාර ගත්තට පස්සේ මේ සියළු වැඩ කටයුතු එක පාරට කිරීමය හැකියාවක් තිබුනේ නෑ.අපි මුලින්ම කළේ මේ රටේ ප්‍රජාත්‍රන්තවාදය තහවුරු කළා.19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරල පාර්ලීමේන්තුවේ බලතල වැඩිකළා.ස්වාධීන කොමිෂන් සභා ඇති කරලා ජනාධිපතිවරයාගේ  ,  අගමැතිවරයාගේ,  ඇමතිවරුන්ගේ ඇති බලතල සීමා කළා. 

අපි නීතියට අනුව වැඩකටයුතු කරල නිතියේ අධිපත්‍ය තහවුරු කළා.පාර්ලීමේන්තුවේ අධිපත්‍ය ඇති කළා.තොරතුරු දැන ගැනීමේ පනත අපි ඉදිරිපත් කළා.අපි මාධ්‍ය නිදහස ඇති කළා ඒ නිදහස කොච්චරද කියනවානම් අද මට බනින්නේ නැති පෞද්ගලික මාධය හොයා ගැනීම කිසා ගෝතමී අබ ඇටයක් හොව්වා වගෙයි. අපේ රට විශාල ණය බරක පැටලිලායි තිබුනේ.ණය බර අපිට දරා ගන්න බැරිවයි තිබුනේ.‍ 2013,2014 රටේ ආදායම මදි උනා ණය ගෙවන්න.ණය වලක් අපි භාර ගත්තේ.ඒ ණය වලෙන් අපි ගොඩ එන්ඩ ඔනේ.ණය වල පුරවමින් අපි දැන් ඉන්නේ.2020 සමස්ථ ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් 70% ක් පමණ අවම කිරිමට කටයුතු කරනවා.මේ රටේ තරුණ පරපුරට මේ ණය ඉතිරි නොකර ගෙවා දැමීමට අපි කටයුතු කරනවා.අපි සියළු දෙනා එක මතයක සිට මේ ගමන යා යුතුයි.
 
අපි සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරනවා.එවගේ පාසල්,පන්සල් වෙනුවෙනුත් වාර්ෂිකව විශාල මුදලක් වියදම් කරනවා.එවගේම තමයි.මේ වන විට රටේ විදේශ සංචිත ප්‍රමාණය වැඩි කර ගැනිමට අපට හැකි උනා. ජී.එස්.පී.ප්ලස් සහනය නිසා රටේ ඇඟළුම් යුරෝපීය වෙළදපොලට ගියා.විශේෂයෙන් ධීවර කර්මාන්තයේ දියුණු වෙලා විශාල ආදායමක් අපේ රටට ලැබෙනවා.
 
ඉදිරියේදි රටේ විශාල දියුණුවක් ඇති වෙනවා.මාර්ග පද්ධතිය තව තවත් වැඩිදියුණු කරනවා.විශේෂයෙන් ඉදිරියේදි රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩකටයුතු ආරම්භ කරනවා.
 
අද අපේ ගයන්ත කරුනාතිලක ඇමතිතුමා ඇගට දැනෙන වැඩක් කරන්න භාර ගෙන තියෙනවා.මේ ලබා දෙන ඔප්පු වලට ඉදිරියේදි සින්නක්කර ඔප්පු බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් පැවසීය.
 
ඉඩම් හා පාර්ලීමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලකගේ  මෙහෙයවීමෙන් පැවැති මෙම වැඩසටහනේදි රත්නපුර දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම්වල පදිංචිකරුවන්ට එවායේ අයිතිය පිළිබඳ නීත්‍යානුකූල අයිතිය හිමිවන පරිදි ඉඩම් ඔප්පු 4000 ක් පමණ මෙහිදි ප්‍රධානය කිරිමට කටයුතු යොදා තිබිණි.
 
මෙම ඉඩම් ඔප්පු ප්‍රදානයේ විශේෂත්වයක් වුයේ ප්‍රදේශයේ විහාරස්ථාන හා රාජ්‍ය ආයතන සඳහාද ඔප්පු පිරිනැමීමටද කටයුතු යෙදීමයි.
 
මෙම අවස්ථාවට මහ සංඝරත්නය ඇතුළු අන්‍ය ආගමික පූජකවරුන්,අධිකරණ අමාත්‍ය ගරු තලතා අතුකෝරළ ,නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද ,පාර්ලීමේන්තු මන්ත්‍රී ඒ.ඒ.විජේතුංග , පාර්ලීමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ යන මහත්ම මහත්මීන් ඇතුළු දෙශපාන නියෝජිතියින්, සබරගමුව පළාත් ආණ්ඩුකාර නීලුකා හේරත්  මහත්මිය,ඉඩම් හා පාර්ලීමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම්,සබරගමුව පළාත් ප්‍රධානලේකම්,රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතාගමමහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මේ අවස්තාවට සහභාගී විය.