මැදගොඩ හිමියන්ගේ -  මේ බණ කාටද?

මැදගොඩ හිමියන්ගේ -  මේ බණ කාටද?

භික්ෂූන් වහන්සේලාට ගිහියන් සමඟ දේශපාලනය කිරීමට නුසුදුසු බව ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

උත්සවයකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළ අතර භික්ෂුවගේ බලය හා ගෞරවය පිරිහීම අද වන විට දේශපාලඥයන්ගේ සෘජු අපවාදයන්ට පත්වීමට තරම් හේතුවී ඇති බවද උන්වහන්සේ ප්‍රකාශ කරයි.

බන්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශයක් කළ බවත් එම අවස්ථාවේදී රටේ නායකයෙකු දුරකථනයෙන් අමතා තොරතුරු දැනගැනීමෙන් අනතුරුව එය සත්‍යක් නොවන බවට එම අවස්ථාවේදීම ප්‍රකාශ කළ බව මැදගොඩ අබේතිස්ස හිමියන් පවසයි.

එය සත්‍යක් හෝ අසත්‍යක් වුවද එය සංවරව ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබූ තිබෙන බවද උන් වහන්සේ ප්‍රකාශ කරයි.

අගමැතිවරයා කළ ප්‍රකාශය හා විමල් වීරවංශ මන්ත්‍රීවරයා කළ ප්‍රකාශ දෙකම වැරදි බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

කෙසේවුවත් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට එක්වීම අරමුණු කරගනිමින් පිහිටුවා ඇති එළිය සංවිධානයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකු වශයෙන් මැදගොඩ අභයතිස්ස හිමියන් කටයුතු කරයි. එසේම පසුගිය සමය පුරා මැදගොඩ අභයතිස්ස හිමියන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ව්‍යාපෘතියට සහය දක්වන සෑම කටයුත්තකටම පාහේ මැදිහත්ව සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න