අගමැති, මැලේසියානු අග්‍රාමාත්‍යවරයා හමුවේ

අගමැති, මැලේසියානු අග්‍රාමාත්‍යවරයා හමුවේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී හාජි මොහොමඩ් නජිබ් බින් තුන් හාජි අබ්දුල් රසාක් (Sri Haji Mohammad Najib bin Tun Haji Abdul Razak) 19 වනදා අරලියගහ මන්දිරයේ දී හමු වී සාකච්ඡා පවත්වා ඇත.

මෙම අවස්ථාවට ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන කාර්යභාර සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඒ.ජේ.එම් මුසම්මිල්, වැඩ බලන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන යන මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

{gallery}Najib bin{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න