ගතවන අවුරුද්ද මාධ්‍යවේදිනියන්ට අපලයි

ගතවන අවුරුද්ද මාධ්‍යවේදිනියන්ට අපලයි

ලොව පුරා වෙසෙන මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන් 65 දෙනකු ගෙවුණු 2017 වසර තුලදී ඝාතනය වී ඇතැයි ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් අනාවරණය කරයි.

මාධ්‍යවේදීන්ට එරෙහිව දියත් කෙරෙන ප්‍රචණ්ඩත්වය සහ අපයෝජන පිළිබඳව දේශසීමා රහිත වාර්තාකරුවෝ (RSF) සංවිධානය විසින් මේ වසරේ එලි දැක්වූ වාර්ෂික වාර්තාවට අනුව තවත් 326 දෙනකු සිරගත කර, 54 දෙනකු ප්‍රාණ ඇපකරුවන් ලෙසින් රඳවා තබාගෙන ඇති අතර දෙදෙනකු අතුරුදහන්ව තිබේ.

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් 65 දෙනා සිය රාජකාරි කටයුතුවල නියැලෙමින් සිටින විට දී මාරාන්තික තුවාල ලැබීමෙන් (උදාහරණයක් වශයෙන් කාලතුවක්කු බෝම්බ ප්‍රහරයකින්) හෝ ඔවුන්ගේ වාර්තාකරණයෙන් යම් පුද්ගලයකු කෝපයට පත්වීම හේතුවෙන් මරණයට පත් පුද්ගලයෝ වෙති.

කෙසේ වෙතත් පසුගිය 14 වසරට සාපේක්ෂව වෘත්තීය මාධ්‍යවේදීන් අවම වශයෙන් ඝාතනයට ලක් වූ වසර මෙය බව සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දෙයි.

අතිශය අනතුරුදායක අඩියකට වැටි ඇති සිරියාව, යේමනය සහ ලිබියාව වැනි රටවලින් වාර්තාකරුවන් පලා යමින් සිටින නමුත් ඔවුන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව RSF සංවිධානය ප්‍රකාශ කර තිබේ.

නමුත් මෙම වසර මාධ්‍යවේදිනියන්ට එතරම් යහපත් එකක් නොවන බව ද ඔවුන් පෙන්වා දී ඇත.

2017 වසර තුලදී වාර්තාකාරිනියන් 10 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ. එය 2016 වසරට සාපේක්ෂව දෙගුණයකි.

ඔවුන්ගෙන් බහුතරයක් මෝල්ටාවේ ඩැෆ්නී ගලිෂියා, ඉන්දියාවේ ගෞරි ලංකේෂ් වැනි අත්දැකීම් සපිරි ගවේෂණාත්මක මාධ්‍යකරණයේ නියැලුණු අය වෙති.

“දුෂණ සහ පාරිසරික අපචාර වැනි ප්‍රධාන පෙළේ පුවත් වාර්තාකරණයේ නියැලෙන ගවේෂණාත්මක මාධ්‍යවේදීන් වැදගත් ක්‍රියා කලාපයක් ඉටු කරනවා සේම ඔවුන්ගේ වාර්තාකරණයෙන් කෝපයට පත්වන උදවියගේ ඉලක්ක බවට පත් වෙනවා,” යනුවෙන් RSF හි මහ ලේකම් ක්‍රිස්ටොප් ඩේලුආ පවසයි.

සිරගත කර සිටින වාර්තාකරුවන්ගෙන් අඩකට ආසන්න පිරිසක් රටවල් 5 ක පමණක් රඳවා ඇතැයි දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ සංවිධානය සඳහන් කරයි.

(radiogagana)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න