පක්ෂ විනය කඩකරමින් සමගි ජන බලවේගය හා ගිවිසුම්ගත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 06 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
ඒ පක්ෂයේ විනය කමිටුව ලබාදුන් නිර්දේශ අනුවයි.
මහාචාර්ය ජී. එල් පීරිස්, ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන්ගෙන් එලෙස කරුණු විමසීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ ය.
පොදුජන පෙරමුණ පැවසුවේ, ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසා ලිපි යැවීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි.
මහාචාර්ය ජී.එල් පීරිස් ප්‍රමුඛ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු සමගි ජන බලවේගය සමග පසුගිය 05 වැනිදා ගිවිසුමගත වූයේ සමගි ජන බල සන්ධානය ලෙසයි.
(News 1st)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
