මාවනැල්ලේ කසිප්පු පෙරලා - මින්නේරියේ යකා නටලා : පොඩි පොහොට්ටු පිපී වැනෙයි !

මාවනැල්ලේ කසිප්පු පෙරලා - මින්නේරියේ යකා නටලා : පොඩි පොහොට්ටු පිපී වැනෙයි !

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ 'පොහොට්ටු' පක්ෂ මන්ත්‍රීවරයකු පසුගිය සතියේ අවස්ථා දෙකකදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇප මත නිදහස්ව ඇති බව වාර්තා වෙයි.

එක අවස්ථාවකදී හොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති මෙම මන්ත්‍රීවරයා, අතර එම මන්ත්‍රීවරයාම කස්සිපු පෙරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යළිත් පසුගියදා අත්අඩංගුවට  ගෙන ඇත.

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ යකා නැටු මහින්දගේ ගෝල මන්ත්‍රී රිමාන්ඩ්

මේ අතර මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නිලධාරින්ට පහර දීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවෙකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු ඊයේ (29)  අත්අඩංගුවට ගෙන හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති බව ද පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මින්නේරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී දොන් ජයන්ත දළදාවත්ත  ද ඒ අතර වන බව පොලිසිය වැඩිදුරටත් කියයි.

මේ අතර එම සිද්ධිය මුල් කර ගනිමින් වනජීවී නිලධාරින්ට නිදහසේ රාජකාරි කටයුතු කරගෙන යාමට අවශ්‍ය වටපිටාව සකසා දෙන ලෙසත් ප්‍රධාන සැකකරුවන් නීතිය ඉදිරියට ගෙනයන ලෙසත් ඉල්ලා සමස්ත ලංකා වනසත්ව නියාමකවරුන්ගේ සංගමය ඇරඹූ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් වසා තැබුණු මින්නේරිය හා කවුඩුල්ල වනෝද්‍යාන ඊයේ (29) දහවල් වන විට විවෘත කර දෙස් විදෙස් සංචාරකයින්ට ඊට ඇතුළුවීමේ පහසුකම් සැලසූ බවද එම සංගමය පවසයි. ඇරඹූ වෘත්තීය ක්‍රියාමාර්ගයද අවසන් කළ බව එම සංගමය කියයි.

මින්නේරිය උද්‍යාන භාරකරු භාතිය මඩුගල්ල මහතා පැවසුවේ මේ වනවිට සාමාන්‍ය පරිදි මින්නේරිය හා කවුඩුල්ල උද්‍යානවල කටයුතු සිදුවන බවයි.

“පහරදීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ඇතුළු නීති විරෝධීව කටයුතු කළ පිරිස් මේ වන විට අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ නිසා අද(29) අපේ උද්‍යානයටත් කවුඩුල්ල උද්‍යානයටත් පෙර පරිදිම සංචාරකයින් පැමිණෙනවා ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා තිබෙනවා.”

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ හබරණ පොලිසියේ ස්ථානාධිපති එන්.එස්.ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න