බිම්ස්ටෙක් සමුළුවේ නව සභාපතිත්වය ජනපතිට

බිම්ස්ටෙක් සමුළුවේ නව සභාපතිත්වය ජනපතිට

බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව ස`දහා බෙංගාල බොක්ක ප‍්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් 5 රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත හිමිවිය.

බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව ස`දහා බෙංගාල බොක්ක ප‍්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් 5 රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත හිමිවිය.

බිම්ස්ටෙක් හතරවන රාජ්‍ය නායක සමුළුව ඊයේ නේපාලයේ කත්මණ්ඩු නුවරදී ආරම්භ කෙරුණු අතර අද පැවති සමුළුවේ සමාප්ති අවස්ථාවේ දී එහි නව සභාපතිත්වය මෙලෙස ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත පිරිනැමිණි.

ඒ අනුව බිම්ස්ටෙක් සමුළුවේ පස්වන රාජ්‍ය නායක සමුළුව ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇති.

බිම්ස්ටෙක් සමුළුව බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7 කින් සමන්විත කලාපීය හවුලකි.

මෙහි ප‍්‍රධාන අරමුණ වන්නේ, බෙංගාල බොක්ක ආශි‍්‍රත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාවය ඇති කිරීමයි. 

බිම්ස්ටෙක් සංවිධානය 1997 ජුනි මස තායිලන්තයේ බැංකොක් අගනුවර පැවති අමාත්‍ය මට්ටමේ සැසි වාරයකින් පසු ස්ථාපනය කෙරිණි.

නව සභාපති ධූරය භාර ගැනීමෙන් අනතුරුව විශේෂ ප‍්‍රකාශයක් සිදුකළ ජනාධිපතිවරයා පවසා ඇත්තේ පැහැදිළි න්‍යාය පත‍්‍රයක් ඔස්සේ සමුළුවේ කටයුතු ඉදිරියට මෙහෙයවන බවයි.

එම ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු සාමාජික රටවල සහය අපේක්ෂා කරන බවද පැවැසුවේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න