එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ අවසන් දිනය අද

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ අවසන් දිනය අද

දින තුනක් පවතින ප්‍රදර්ශනයේ තෙවැනි සහ අවසන් දිනය අදයි. අද දිනයේ  ප්‍රදර්ශනය නිලවශයෙන් විවෘත කිරීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය. 

කලාප 12කින් සමන්විත මෙම ප්‍රදර්ශනයේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ කුටි 515කින් යුක්ත වේ. දැවැන්ත අධ්‍යපන කලාපයක් , ජනප්‍රිය ගායක ගායිකාවන් ගී ගයන සංගීත සංදර්ශන මෙන්ම කුඩා දරුවන්ට විනෝද වීම  සඳහා විනෝද කලාපයකින්ද සමන්විතය.

2015 සිට 2018 දක්වා වූ රජයේ තුන්වසරක මෙහෙවර මෙන්ම වසර 2025 දක්වා වූ රජයේ ඉදිරි දැක්ම මෙම ප්‍රදර්ශනය තුළින් පෙන්නුම් කෙරේ. මෙම ප්‍රදර්ශන මාලාවේ ප්‍රධාන අරමුණ ව්‍යවසායකයන් දිරි ගැන්වීමයි.

ඉකුත් දින දෙක තුළ ලක්ෂයකට වැඩි පිරිසක් ‘‘එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා’’ ප‍්‍රදර්ශනයට සහභාගී  වී ඇති අතර, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පැවසනුයේ  පාසල් දරුවන්ට, පොලිස් සහ ති‍්‍රවිද හමුදා සාමාජිකයින්ට නොමිලේ ප‍්‍රදර්ශනය නැරඹීමට ද අවස්ථාව ලබා දී තිබෙන බවයි.

{gallery}entre-3{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න