නේපාල - ශ‍්‍රී ලංකා වෙළඳ , සංචාරක සහ ආයෝජන සමුළුවක් ඊයේ (31) පස්වරුවේ නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වුණු අතර එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන එක්ව තිබේ.
නේපාලයේ උපාය මාර්ගික සමාජ පර්යේෂණ ආයතනය විසින් මෙම සමුළුව සංවිධානය කර තබුු අතර, දෙරට අතර වෙළඳ, සංචාරක සහ ආයෝජන ක්ෂේත‍්‍රයන්හි සහයෝගිතාවය දෙරටටම වාසිසහගත අයුරින් තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සහ නේපාල රජය නියෝජනය කරමින් එරට අමාත්‍යවරු, විද්වතුන් ඇතුළු පිරිසක් මීට එක්ව ඇති අතර ජනාධිපතිවරයා නේපාලයේ උපාය මාර්ගික සමාජ පර්යේෂණ ආයතනයේ සභාපතිවරයා කෙටි සාකච්ඡාවකටද මෙහිදී එක්වූ බවද වාර්තා වෙයි.

