චතුරගේ මංගල්‍ය ගැන අගමැති කාර්යාලයෙන් නිවේදනයක් !

චතුරගේ මංගල්‍ය ගැන අගමැති කාර්යාලයෙන් නිවේදනයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ විවාහ මංගල්‍ය උත්සවය පවත්වනු ලැබුවේ  අග්‍රාමාත්‍ය නිල නිවෙස වන අරලියගහ මන්දිරයේ දී නොවන බවත් එය  අරලියගහ මන්දිර පරිශ්‍රයේ උත්සව ශාලාවේ පැවැත්වුණු බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දෙයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳ පළවෙමින් තිබෙන  අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු සම්බන්ධව ප්‍රතිචාර දක්වමින්ය. 

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කළ අදාළ නිවේදනයට අනුව අදාළ  උත්සව ශාලාව සම්මත ක්‍රමවේදයක් ඔස්සේ රාජ්‍ය හා වෙනත් උත්සව අවස්ථා සඳහා ලබාදීම පිළිගත් ක්‍රමවේදය වන අතර  ශාලාව වෙන් කිරීම සඳහා ලැබෙන ඉල්ලීම් අනුව සුදුසු උත්සව සඳහා ශාලාව ලබා දීමට කටයුතු කරනු ලබයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න  සිය විවාහ මංගල්‍යය පැවැත්වීම සඳහා උත්සව ශාලාව ලබා දිය හැකිදැයි විමසා ඉල්ලීමක් කර ඇති අතර  ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් කළ ඉල්ලීමක් නිසාත්, ඒ සඳහා ගරු මන්ත්‍රීතුමන් දක්වා තිබූ හේතු යුක්ති යුක්ත නිසාත්, සම්මත ක්‍රමවේදයන් මත ශාලාව ලබා දීමට අග්‍රාමාත්‍ය කාර්යාලය කටයුතු කර තිබේ.

එහිදී මෙය නොමිලයේ ලබා දීමක් හෝ ජනතා මුදල් අවභාවිත කිරීමක් හෝ නොවන අතර  සේනාරත්න මහතා වෙත ශාලාව ලබා දී ඇත්තේ පිටස්තර උත්සව සඳහා එය ලබා දෙන අවස්ථාවන්හි අය කරන සම්මත ගෙවීම් මත ය. එසේම  උත්සවයේ සැරසිලි, ආහාරපාන හෝ අන් කිසිදු කාර්යයකට අග්‍රාමාත්‍ය  කාර්යාලයේ සම්බන්ධයක් නොමැති බවද අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න