නවීන්ට රාජිතගෙන් උත්තරයක් !

නවීන්ට රාජිතගෙන් උත්තරයක් !

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කරන පරිදි රෝහල්වල විශාල ඖෂධ හිඟයක් මතුව ඇත්නම් ඒ පිළිබදව සියලු තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියි.   

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර රෝහල්වල විශාල ඖෂධ හිඟයක් ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා මාධ්‍යයට කර ඇති ප්‍රකාශය පිළිබදව ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙම නිවේදනය නිකුත්කර ඇත.

ඖෂධ හිඟතාව සම්බන්ධව දැනුම්දෙන්නේ නම් එම  තොරතුරු පදනම් කර ගනිමින් අවශ්‍ය පියවර ගැනීමට තමන් සුදානම් බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා තම නිවේදනයෙන්  අවධරණය කර සිටින අතර  සෞඛ්‍ය අමාත්‍යධූරයට පත්වන විට ඖෂධ වර්ග 49 -70 අතර ප්‍රමාණයක හිඟයක් දිනපතාම පැවැති බවත්  එම හිඟය මගහරවා ගැනීම සදහා තමන්  රෝහල් පද්ධතියට මෘදුකාංගයක් හදුන්වා දුන් බව ද අමාත්‍යවරයා සිය නිවේදනය හරහා සිහිපත්කර සිටියි.එම පරිගණක මෘදුකාංගයට අනුව ඕනෑම රෝහලක සිට අනෙක් රෝහලට අවශ්‍ය හිඟ ඖෂධ ලබාගැනීමේ හැකියාව ඇති බවත්  ඒ අනුව ඇතැම් හිඟ ඖෂධ කඩිනම්න් වෛද්‍ය සැපයුම් අංශයෙන් සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ලබාදීමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. 

මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියේ සදහන් ප්‍රධාන කරුණූ 03 ක්‍රියාත්මක කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටින අතර  අත්‍යාවශ්‍ය ඖෂධ වර්ගවල මිල අඩු කිරීම, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීම, රජය හරහා එම ඖෂධ බෙදාහැරීම ඇතුලු එම කරුණු ක්‍රියාත්මක කිරීමට තමන් පියවර ගෙන ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න