ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය සාගර නගරයයි - පාඨලී 

ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය සාගර නගරයයි - පාඨලී 

ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය සාගර නගරය බව ඇමති චම්පික රණවක මහතා පවසයි. 

ඒ චීන මධ්‍යම රූපවාහිනිය සමග සාගර නගර භූමියේ පැවති සාකච්ඡාවකදීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ලංකාව පමණක් නොව නැගෙනහිර අප‍්‍රිකාව, ඒවගේම මධ්‍යම ආසියාව, බටහිර ආසියාව යන සියල්ලන්ටම සාගර නගරය තුළින් නව ආලෝකයක් ලැබීමට නියමිත බවයි. 

තවද, ඉදිරියේදී සාගර නගරය අධිවේදී මාර්ග පද්ධතියට සම්බන්ධ කිරීමට කටයුතු කරන බවත්,මේ වන විට ඉදිකෙරෙමින් පවතින සැහැල්ලූ දුම්රිය පද්ධතියටද සම්බන්ධ කරනු ලබන බවත් දැනට පවතින දුම්රිය පද්ධතියට ද සාගර නගරය සම්බන්ධ කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
 
සාගර නගරයට අවශ්‍ය විදුලිය හා ජල පහසුකම් ද සපයනු ලබන්නේ අප විසින්ම බව විශේෂයෙන් සඳහන් කළ ඇමති චම්පික රණවක, ලක් රජය ඩොලර් බිලියනයකට අධික මුදලක් ආයෝජනයක් ඒ සඳහා සිදුකරනු ලබන බවද  පැවසීය. එය  රජය විසින් සිදු කරනු ලබන ඉතාම ඵලදායී අයොජනයක් බවත්, ඉදිරි වසර 10 තුළ සාගර නගරයේ නව ඉඩම් මගින් ආයෝජිත එම මුදල යළි උපයා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත්  පැවසීය.
 
මෙම සාකච්ඡාවට චීන තානාපති චැං ෂියැං, චීනයේ සන්නිවේදන සහ ඉදිකිරීම් රාජ්‍ය සමාගයේ උප සභාපති සං සියු මහතා සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති ටැං කියෝලියැං මහතා ද එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න