ශ්‍රීලනිපට 67 යි : සංවත්සරය හෙටයි !

ශ්‍රීලනිපට 67 යි : සංවත්සරය හෙටයි !

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 67 වැනි සංවත්සරය හෙට දිනට (2) යෙදී ඇති අතර මෙවර එම සංවත්සර සැමරුම ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සිදුකරන බව පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස පවසයි.

එහි ප‍්‍රධාන ආගමික වැඩසටහන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් කැලණිය රාජ මහා විහාරස්ථානයේදී හෙට  පස්වරුවේ පැවැත්වෙන අතර හින්දු ආගමික ආශීර්වාද දේව මෙහෙය කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන්ගේ ප‍්‍රධානත්වයෙන් බම්බලපිටිය කදිරේෂන් කෝවිලේදීත්, මුස්ලිම් ආගමික දේව මෙහෙයන් දෙකක්  පළාත් සභා , පළාත් පාලන හා ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපාගේ ප‍්‍රධානත්වයෙන් මාලිගාවත්ත මුස්ලිම් පල්ලියේදී හා ජාතික ප‍්‍රතිපත්ති හා ඒකාබද්ධතා රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසිගේ ප‍්‍රධානත්වයෙන් දවටගහ පල්ලියේදීත් පැවැත්වීමට නියමිත බව ද මහලේකම්වරයා සඳහන් කළේය.

කිතුණු ආගමික වැඩසටහන පැවැත්වෙන්නේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් හලාවත මහ පල්ලියේදී සඳුදා (3) උදෑසන පැවැත්වීමට නියමිත බවද ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රධානීන් ,  මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම සැමරුම් උත්සව සඳහා සහභාගීවීමට නියමිත බව ද පවසන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර  සිටින්නේ පක්‍ෂයේ වාර්ෂික මහා සම්මේලනය ද මෙම මස අවසන් වන්නට පෙර පවත්වන බවය.

එසේම  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දැනට පත්කර සිටින නව නිලධාරී මණ්ඩලය වෙනුවට නව නිලධාරී මණ්ඩලයක් සහ මධ්‍යම කාරක සභාවක් පත්කරගැනීම ද ආසන බල මණ්ඩල නියෝජිතයින්ගේ ඡන්දයෙන් මෙම සම්මේලනයේදී සිදුකරන බවත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධානය පිළිබඳ සංක්ෂිප්ත වාර්තාවක් ජනාධිපතිවරයාට භාර දුන් බවත් ඔහු පවසයි.

ඩිලාන් ශ්‍රීලනිපයේ බලය ඇල්ලීමේ සූදානමක !

මේ අතර ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන්කර සිටින්නේ ඉදිරියේදී පැවැත්වෙන ශ‍්‍රීලනිප සංවත්සරයට පෙර ආණ්ඩුවෙන් ඉවත් නොවන්නේ නම් ශ්‍රීලනිපයේ බලය අැල්ලීමට තම කණ්ඩායම සූදානම් බවය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම හරහා එය සිදුකරන බවත් ඔහු පවසා ඇත.

වාචාල කට විතරයි : ජන පදනම බිංදුවයි !

කෙසේ වුවත් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය සම්බන්ධව අප කළ විමසුමකදී ශ්‍රීලනිප ප්‍රකාශකයකු සඳහන්කර සිටියේ මහමැතිවරණයකට ඉදිරිපත්වීමට පවා බයෙන් වෙව්ලන වාචාල මන්ත්‍රීවරයෙකුගේ ප්‍රකාශ බරපතල ලෙස නොගත යුතු බවය.

ඇට නැති දිවෙන් දස අතේ බැන වැදීම හැර ඩිලාන් වැනි මන්ත්‍රීවරුන් පක්ෂයට හෝ ජනතාවට කළ දෙයක් නොමැති බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව සිටියදී හැකිනම් බලය අල්ලා පෙන්වන ලෙස නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් ලෙස මන්ත්‍රීවරයාට අභියෝග කරන බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න