දෙවන විශේෂ මහාධිකරණයේ ගැසට් පත්‍රයත් නිකුත් වෙයි 

දෙවන විශේෂ මහාධිකරණයේ ගැසට් පත්‍රයත් නිකුත් වෙයි 

විශේෂ මහාධිකරණය පිහිටුවීම සඳහා දෙවන විශේෂ අධිකරණය පිහිටුවීම සඳහා වන අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්ව තිබේ.

ඒ අනුව 2087/92 2018 සැප්තැම්බර් මස 07 වන සිකුරාදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව පිහිටුවීමට නියමිත රජයේ දෙවන ස්ථීර මහාධිකරණය යහපාලන ආණ්ඩුව විසින් පොරොන්දු වූ පරිදි පිහිටුවන විශේෂ මහාධිකරණ තුනෙන් දෙවැන්න ලෙස කොළඹ 12 හල්ෆ්ඩ්රෝප් උසාවි සංකීර්ණයේ දී ස්ථාපිත කරනු ඇත.

1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 12 අ වගන්තියෙහි උපලේඛනයේ (3) උපලේඛනයේ (1) උපවගන්තිය (1) සහ (අ) වැනි ඡේදයේ (අ) තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අග්‍රවිනිශ්චයකාරවරයාගේ එකඟතාව ඇතිව, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් මෙම නියෝගය (අ) විසින් ස්ථිර මහාධිකරණ උසාවි සංඛ්‍යාව එකකින් වැඩි කරන ලෙසට ගැසට් නිවේදනය මගින් අනුමත කර ඇති අතර එම අධිකරණය ස්ථාපිත කරනු ලබන ස්ථානය කොළඹ බවට සඳහන් කර ඇත.

කොළඹ මහාධිකරණයේ පළමු ස්ථීර මහාධිකරණය නිල වශයෙන් කොළඹ 12 හල්ෆ්ඩ්රෝප් උසාවි සංකීර්ණයේ දී ඉකුත් අගොස්තු මස 21 වනදා පිහිටුවන ලද අතර මෙම  දෙවන විශේෂ මහාධිකරණය පිහිටුවීම සඳහා වන ගැසට් පත්‍රය පහත දැක්වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න