ඒකාබද්ධයේ විරෝධය ශ්‍රීලනිප මහ ලේකම් අගයයි !

ඒකාබද්ධයේ විරෝධය ශ්‍රීලනිප මහ ලේකම් අගයයි !

ඒකාබද්ධ විපක්‍ෂය විසින් පැවැත්වූ ජනබල මෙහෙයුම නිදහස් සංවාදශීලී විරෝධතා ව්‍යාපාරයක් ලෙස තමා දකින බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස පවසා ඇත.

එසේම එම පාර්ශවයන්ට විපක්‍ෂය නියෝජනය කිරීමේ අනුමැතිය ලබාදුන්නේ ජනාධිපතිතුමා බැවින් එම පිරිසට විරුද්ධව හදිසි ක‍්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයක් නැති බවත් ඔහු පවසා තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ජයගැනීමේ ගැඹුරු අරමුණකින් කටයුතු කරන ශ්‍රීලනිපයට අවශ්‍ය සියලූ දෙනා ඒකරාශී කරගෙන ඉදිරියට යාමට බව කී මහ ලේකම්වරයා හැඟීම්වලට මුල්තැන දී හා ඇතැමුන් කරන විවිධ ප‍්‍රකාශවලට මුල්තැන දෙමින් එම ගමන යා නොහැකි බව ද සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ශ්‍රීලනිපයෙන්, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරියට ගිය අය නායකත්වය දුන් මෙම විරෝධතාවයේදී පක්‍ෂ මූලස්ථානයට හූ කීම මවට අපහාස කිරීමක් වැනි ක‍්‍රියාවක් බවද මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස පවසා ඇත.

රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ  (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න