ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.
ඒ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධ හිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු යුද හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකාගෙන් යළි ප්‍රකාශ සටහන් කරගැනීමට අවශ්‍ය බව නීතිපතිවරයා විසින් පසුගිය නඩු වාරයේ අධිකරණයට සිදුකර තිබූ දැනුම්දීම අනුවය.
ඒ අනුව අද ගෝඨාභය රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය වෙත කැඳවනු ලැබ තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
