ලංකාව විනිමය අර්බුදයක කියන Nomura වාර්තාව අසත්‍යයි : වහා නිවැරදි කරනු - මහ බැංකුව

ලංකාව විනිමය අර්බුදයක කියන Nomura වාර්තාව අසත්‍යයි : වහා නිවැරදි කරනු - මහ බැංකුව

විනිමය අර්බුදයකට ලක්වීමේ අවදානමකට, ලොව නැගී එන ආර්ථිකයන්ට හිමිකම් කියන ලංකාව ඇතුළුව  රටවල් 7 ක් ලක්ව ඇති බව ජපාන මූල්‍ය සමූහයක් වන Nomura හෝල්ඩිංග්ස් පසුගිය දා සිදුකළ අනාවරණය මුළුමනින්ම  සාවධ්‍ය බව ශ්‍රී ලංකා දැඩිව අවධාරණය කර ඇත.

අවදානමක් ඇති රටවල් ලෙසින්  Nomura අනාවරණයේ   දක්වා ඇති රටවල් වනුයේ දකුණු අප්‍රිකාව, ආර්ජන්ටිනාව, පාකිස්තානය, ඊජිප්තුව, තුර්කිය, යුක්‍රේනය හා ශ්‍රී ලංකාවයි.
මෙහිදී දකුණු අප්‍රිකාව හා පාකිස්තානය හැරුණු කොට සෙසු රටවල් දැනටමත් විනිමය අර්බුදයකට මුහුණ දී ඇති බව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයේ වැඩසටහනට අනුගතව කටයුතු කරමින් සිටින බව එහිදී අවධාරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය රැසක්ම වාර්තා කර සිටින අතර www.ft.com හි පළ වූ වාර්තාවක් විසින් ඩොලර් බිලියන 160 ක ඉතා විශාල කෙටි කාලීන ණය පවතින බැවින් ප්‍රතිමුල්‍යයනයක අවශ්‍යතාවය දැඩිව පවතින රටක් ලෙසින් ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ශ්‍රී ලංකාවේ කෙටි කාලීන විදේශ ණය ඩොලර් බිලියන 160 ක කිට්ටුවටවත් පැමිණ නැති බවයි. ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් Nomura හෝල්ඩිංග්ස් සභාපති/ සමූහ ප්‍රධාන විධායක වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

ලංකාවේ කෙටිකාලීන ණය හා වගකීම් ඩොලර් බිලියන 14.3 ක් පමණයි !

එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ වත්මන් ඇස්තමේන්තුගත කිරීම්වලට අනුව කෙටිකාලීන ණය හා වගකීම් ඩොලර් බිලියන 14.3 ක් පමණක් බවයි. එසේම මෙවැනි සාවද්‍ය වාර්තා මගින් ආයෝජකයින් තුළ කැළඹීමක් ඇති වීම අමුතුවෙන් කිව යුතු නැති බවත්, පවතින ගෝලීය අවිනිශ්චිත වාතාවරණය තුළ මෙවැනි වාර්තා හරහා ශ්‍රී ලංකාවට පිරිමැසිය නොහැකි හානියක් සිදුකරනු ලබන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කර සිටී.

මේ අනුව Nomura හෝල්ඩිංග්ස් විසින් මෙම තත්ත්වය වටහා ගනු ඇති බවටත්, කිසිදු පමාවකින් තොරව මෙකී සාවද්‍ය වාර්තාවන් නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී තරයේ දැනුම් දී තිබේ.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ Nomura හෝල්ඩිංග්ස් වෙත නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

PHOTO 2018 09 11 18 52 49

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න