සැප්තැම්බර් 5 අගමැතිවූ මහින්දව : සුබ්‍රමනියම් ස්වාමි ජනාධිපති කරලා !

සැප්තැම්බර් 5 අගමැතිවූ මහින්දව : සුබ්‍රමනියම් ස්වාමි ජනාධිපති කරලා !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපතිවරයා වන බව ඉන්දියාවේ ඉහලම පෙලේ දේශපාලඥයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ  මේ දිනවල චිරාත් හින්දුස්තාන් සංගමයේ ආරාධනාවක් මත ඉන්දීය සංචාරයක නිරතව සිටී.

එහිදී හිටපු ජනාධිපතිවරයා එම සංගමය නව දිල්ලියේදී සංවිධානය කර ඇති මහජන රැස්වීමකදී දේශනයක් පැවැත්වීමටද නියමිතව ඇත.

සියවසේ විහිළුව !

කෙසේ වුවත් මහින්ද රාජපක්ෂ අවස්ථා දෙකක් මේ රටේ ජනාධිපතිධුරය දරා ඇත. 2015 ජනවාරි 08 අන්ත පරාජයක් ලැබූ ඔහු එය දරාගත නොහැකිව යළිත් බලය ඇල්ලීම සඳහා කුරුමානම් අල්ලමින් සිටියි.

එහෙත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව කිසිසේත් යළිත් ජනාධිපති ධුරය ලැබීමේ අවස්ථාවක් රාජපක්ෂට නැත. ඒ බව ගෝමින් දයාසිරි වැනි ජේෂ්ඨ නීතිවේදීන් පවා සඳහන්කර ඇත.

නමුත් රාජපක්ෂලා වටා සිටින පිරිස් වරෙක මහින්දව අගමැති කරන බව සඳහන් කරන අතර තවත් වරෙක ජනාධිපති කරන බව පවසයි.  ඒ අනුව 2015 පරාජයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා 2-3 වරක් අගමැති වෙන්න ඔන්න මෙන්න කියමින් සිටි අතර තවත් අවස්ථා කිහිපයකදී ඔන්න මහින්ද හෙට අගමැති, අනිද්දා ජනාධිපති යනුවෙන් ඔහුගේ පාර්ශවයෙන්ම පුවත් නිර්මාණය විය.

නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියන්නේ අදටත් නිකංම නිකං කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීම විතරය.

41438866 10155337698286467 5286214184202141696 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න