නාමල්ට වයස මදි : මටත් බෑ : විකල්පය ගෝඨා - මහින්ද කියයි ! 

නාමල්ට වයස මදි : මටත් බෑ : විකල්පය ගෝඨා - මහින්ද කියයි ! 

හිටපු ජනපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වසර 2019 ජනාධිපතිවරණයට තමා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ ඉන්දියාවේ ’ද හින්දු' පුවත් සේවය හා පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදීය.

කෙසේ වෙතත්, තමා විසින් තරග කර, ඊට එරෙහිව පවතින 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සීමාවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ අවදානම නොගෙන විකල්පයක් වශයෙන් සියලූ දෙනාට පිළිගත හැකි අපේක්ෂකයෙකු නිවේදනය කළහොත් අනිවාර්යයෙන්ම සිය සොහොයුරා තරගකරුවෙකු වන බවද ඔහු සඳහන් කර ඇත.

තවද, ජනාධිපති අපේක්ෂකයන්ගේ අවම වයස් සීමාව අවුරුදු 35 දක්වා ඉහළ නංවා ඇති බැවින් සිය වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ 2019 දී ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස සැලකිය නොහැකි බවද ඔහු තවදුරටත් පවසා තිබේ.

’ද හින්දු' පුවත් සේවය මේ සම්බන්ධයෙන් යොමුකළ ප්‍රශ්ණ වලට රාජපක්ෂ මහතා පිළිතුරු ලබා ඇත්තේ මෙලෙසයි :

19 වන සංශෝධනයට අනුව ජනපති ලෙස පත්විය හැක්කේ දෙවරක් පමණක් බැවින් හා ඔබ දෙවරක් ජනපති ලෙස පත්වී ඇති බැවින් 2019 ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය දෙන්නේ කවුද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය දෙන්නේ මම. ව්‍යවස්ථා සංශෝධනයේ එහෙම සඳහන් වෙලා තිබුණත්, මට මැතිවරණයට සටන් කර ඒ සම්බන්ධයෙන් අධිකරණයේද සටන් කරන්න පුළුවන් කියලා මේ වන විට මතයක් පවතිනවා.

ඒත්, ඒ අවදානම ගන්නවාද කියන එක මං තාම තීරණය කරලා නෑ. අනෙක් විකල්පය තමයි හැමෝටම පිළිගන්න පුළුවන් අපේක්ෂකයෙක් නිවේදනය කිරීම.

එය ඔබේ පවුලේ සාමාජිකයෙකු විය හැකිද? නැතහොත් පවුලෙන් පිටස්තරයෙකු වෙයිද ?

මගේ පුතාට [නාමල් රාජපක්ෂ] ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න බැහැ. මොවුන් ජනාධිපති අපේක්ෂකයන්ගේ අවම වයස් සීමාව අවුරුදු 30 වෙනුවට අවුරුදු 35 දක්වා වැඩි කරලා තියෙන නිසා ඔහුව 2019 දී ජනපති අපේක්ෂකයෙක් විදියට සලකන්න බෑ. මගේ සහෝදරයා නිසැකවම තරගකරුවෙක්… ඒත් ජනතාවට අවශ්‍ය කවුද යන්න පිළිබඳව පක්ෂයට හා දේශපාලන හවුල තීරණය කරාවි.         

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න