හදිසි කැබිනට් රැස්වීමෙන් පසු ඇමති කටවල් වැසේ

හදිසි කැබිනට් රැස්වීමෙන් පසු ඇමති කටවල් වැසේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (13) දහවල් පැවති හදිසි කැබිනට් රැස්වීමේ සැබෑ අරමුණ පිළිබඳ තොරතුරු හෙළි නොකිරීමට, ඊට සහභාගි වූ සියළු අමාත්‍යවරුන් පොදු එකඟතාවයක් ඇති කර ගෙන ඇති  බව රාවයට වාර්තා වේ.

ඊට එක් වූ සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පමණක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, පොදු සංවර්ධන කටයුතු පිළිබඳ කැබිනට් රැස්වීමේ දී සාකච්ඡා වූ බවය. ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ආදී ආණ්ඩුවේ ව්‍යාපෘති පිළිබඳ කතා කළ බව, මාධ්‍යවේදීන් කළ විමසුම්වල දී ඇතැම් අමාත්‍යවරු ප්‍රකාශ කළහ.

එහෙත් රාවයට දැනගන්නට ලැබෙන පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට කැඳවා තිබීම ගැන මෙහි දී සාකච්ඡා වී තිබේ. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තමා නොදැන එසේ කැඳවීම මෙන්ම ඔහුව අත්අඩංගුවට ගැනීමට කරුණු ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දීම පිළිබඳ ජනාධිපතිවරයා මෙහි දී අදහස් පළකර ඇතැයි ද දැනගන්නට ඇත.

ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චිට මෙරටින් පිටවීම සඳහා අනුබල දෙන ලදැයි චෝදනාවන් මත ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න රහස් පොලිසියට කැඳවීම පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට පෙර දී ද ආරක්ෂක ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවක දී දැඩි විරෝධයක් දකවා තිබූ බව ද රාවයට දැනගන්නට ඇත.

කෙසේ වෙතත් අගෝස්තු 17 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ශ්‍රී ලංකාවෙන් පිටවීමට පෙර ඔහුගේ විදේශ ගමන අත්හිටුවීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට කටයුතු කරන්නට තිබුණු බව නීති ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ.

රාවය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න