ශ්‍රීලනිප මධ්‍යම කාරකසභාව අද : 16 කණ්ඩායම වර්ජනයේ  

ශ්‍රීලනිප මධ්‍යම කාරකසභාව අද : 16 කණ්ඩායම වර්ජනයේ  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (20) රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී 7.00 ට ජනාධිපති නිළ නිවසේදී මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කර සිටින්නේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බවය.

එසේම  මධ්‍යමකාරක සභාව සඳහා පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාට ද ආරාධනා කර ඇති බවද ඔහු පවසයි.

ආණ්ඩුවෙන් ඉවත්වනතුරු ශ්‍රීලනිප මධ්‍යම කාරකසභාව වර්ජනය කරනවා - 16 කණ්ඩායම 

කෙසේ වුවත් අද පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගීවන්නේ ද යන්න පිළිබඳව මාධ්‍ය කල විමසුමකදී  16 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කර ඇත්තේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන තුරු තම කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගී නොවීමට තීරණය කර ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න