20 සංශෝධනයෙන්  වැඩිම අවාසිය රනිල්ට - අනුර 

20 සංශෝධනයෙන්  වැඩිම අවාසිය රනිල්ට - අනුර 

20 වන සංශෝධනයෙන් වැඩිම අවාසි සිදු වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට බවත් එය පැහැදිලිව පෙනෙන්නට තිබියදී ඇතැම් පිරිස් ජවිපෙ අගමැති රනිල් සමඟ එකතුවී මෙය ගෙන ඒමට උත්සහ කරන බවට අසත්‍යය ප්‍රචාර ගෙන යමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසයි.

ඒ බව පැහැදිළි කරමින් ඔහු පෙන්වා දුන්නේ විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් ලබන වසරේ මාර්තු මස 09 දිනට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යායුතුව තිබෙන බවත් එසේ වුවහොත් රනිල්ගේ වත්මන් ආණ්ඩුවේ ආයුෂ මාස 07 කින් අඩුවන බවත් ය. 

එසේම  ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය එළඹෙන වසර අවසානයේ නිමවන බවත් නව සංශෝධනය සම්මත වුවහොත් නව ජනපතිවරයෙක් පත් කර ගන්නා තෙක් ඒ මහතාට 20 වන සංශෝධනයට යටත්ව 2020 ජනවාරී 09 න් පසුද අදාළ ධූරයේ කටයුතු කළ හැකි බවත් ජවිපෙ නායකයා පෙන්වා දුන්නේය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම තුළ පැහැදිලි ලෙසම මහින්ද හා ගෝඨා ලෙස බල කඳවුරු දෙකක් ක්‍රියාත්මක වන බවත් ඔවුන් දැන් උත්සහ කරමින් සිටින්නේ තමන් නියෝජනය කරන බල කඳවුරේ නායකයා ඉදිරියට ගෙන ඒමට බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ගෝඨා ඉදිරියට ගෙන ඒමට නම් අනිවාර්යයෙන්ම මහින්දට රාජ්‍යය නායකයා වීමට ඇති ඉඩ අසුරවාලිය යුතු බැවින් 20 වන සංශෝධනය යටතේ විධායක ජනපති ධූරය අහෝසි කිරීමට ගෝඨා කඳවුරු විරුද්ධ බවද ඒ මහතා කීය.

විධායක ජනපති ධූරය අහෝසි කර ඒ වෙනුවට පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් පාලන ක්‍රමයක් රටට යෝග්‍යය බව ජනතා විමුක්ති පෙරමුණේ අදහස බවත් එය ක්‍රියාත්මක වුවහොත් මහින්දට ජනතා කැමැත්ත අනුව පාර්ලිමේන්තුවට පත්ව එහි බහුතරයේ කැමැත්ත මත කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට අවකාශ තිබෙන බවත් එසේ වුවහොත් ගෝඨාගේ සිහින බොඳවී යනු ඇති බවත් කී ඒ මහතා මෙම පසුබිම තුළ අද මහින්ද කඳවුරේ දේශපාලන නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් මතුව තිබෙන බවද අවධාරණය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න