අගමැති හෝ ජනාධිපති සම්බන්ධ නෑ : පොලිස්පතිට එරෙහි පරීක්ෂණය අමාත්‍යාංශයෙන්

අගමැති හෝ ජනාධිපති සම්බන්ධ නෑ : පොලිස්පතිට එරෙහි පරීක්ෂණය අමාත්‍යාංශයෙන්

පොලිස්පතිවරයාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව වහාම පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යංශ ලේකම්වරයාට දන්වා ඇතැයි වාර්තා වෙයි.

මේ බව අනාවරණය වුයේ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමත් සමඟය. 

මේ අතර මේ අතර, පොලිස්පති පූජිත් ජයසුන්දරට සති දෙකක කාලයක් තුළ ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙන ලෙස අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා විසින් කිසිදු දැනුම් දීමක් නොකළ බව ද නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පවසයි.

අද(20) උදෑසන පාර්ලිමේන්තුවේ දී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්  විසින් මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමක දී එයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ, අග්‍රමාත්‍ය කාර්යාල විසින් මෙවැනි දැනුම් දීමක් කළ බවට සිදුකරන ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරන බවයි.

ඇතැම් පෞද්ගලික නාලිකාවල පොලිස්පතිවරයාට සති දෙකක කාලයක් තුළ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙන ලෙස පැවසුවත් එවැන්නක් අගමැතිවරයා විසින් සිදු කරන නොමැති බව ද එහි සඳහන් වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න