පොලිසිය ජනාධිපති යටතට ?

පොලිසිය ජනාධිපති යටතට ?

ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව  ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගැනීම මේ අවස්ථාවේදී අත්‍යවශ්‍ය කරුණක් බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දාසයේ කණ්ඩායම පවසයි.

අද (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට ශ්‍රීලනිප 16 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා  මේ බව ප්‍රකාශ කළේය.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 23 දෙනා නිෂ්ශබ්දව සිටින බවද  ඔහු පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 23 දෙනා මෙම සිදුවීම සම්බන්ධයෙන් සැක සිතෙන ආකාරයට ප්‍රතිචාර දක්වන බවද කියමින් චෝදනා කළ ඔහු අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදු කිරීමට ඇත්තේ ඉතාමත් සුළු පරීක්ෂණයක් බවත් ඒ අනුව මෙම හඬ පටය පරික්ෂා කරීම මෙම සිදුවීමේ සුළ මුල සොයා ගැනීමට ප්‍රමාණවත් බවද පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න