මහින්ද ඉන්න වේදිකාවේ යළිත්  ගෝඨාභයට බැට  : වෙල්ගම ඔය පණ කාගේද? 

මහින්ද ඉන්න වේදිකාවේ යළිත්  ගෝඨාභයට බැට  : වෙල්ගම ඔය පණ කාගේද? 

තම එකම නායකයා වන්නේත් තමන් නායකයා ලෙස පිළිගන්නේත්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පමණක් බව  පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසා ඇත.

නිදහස් කලා සන්ධාන මහ සමුළුව  අමතමින් ඔහු මේ බව සඳහන්කර ඇති අතර ඉදිරියේදීද මේ රටේ පාලනය භාර ගත යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා පමණක් බවත් එහිදී පවසා ඇත.

නිදහස් කලා සන්ධාන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා සමුළුව අමතන විට ඔවුන් දෙදෙනාම ප‍්‍රධාන ආරාධිත අසුන්වල සිටි බවද දැනගන්නට ඇත.

වෙල්ගම ඔය පණ කාගේද? 

මේ අතර ගෝඨාභය රාජපක්ෂ පාර්ශවය සඳහන් කරන්නේ කිසියම් පාර්ශවයක් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර පහරදීම සඳහා වෙල්ගම මන්ත්‍රීවරයාව යොදාගෙන ඇති බවක් පෙන්නුම් කරන බවය.

එය ඔහුට තිබෙන ජනතා ආකර්ෂණය අහිමිකිරීමට දැනුවත්ව සිදුකරවන්නක් බවට සැකසිතෙන බවද ඔවුන් සඳහන්  කරයි.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටින වේදිකාවේ සිට ගෝඨාභය රාජපක්ෂට පහරවදින ආකාරයට ශක්තියක් ලැබෙන්නට නම් රාජපක්ෂවරයෙකුම මේ පිටුපස සිටින බවට තමන් විශ්වාස කරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න