ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දශක දෙකකට අධික තමාගේ සේවා කාලය තුළ ඇමරේෂන් කෝපරේෂන් නම් සමාගමක් පිළිබඳව තමා කිසිදු දිනෙක අසා නොතිබූ බවත්, 2010 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ඇණිය පුළුල් කිරීම හා නවීකරණය කිරීමට අදාළ යෝජනාවක් සම්බන්ධයෙන් තමාව දැනුවත් කර නොතිබූ බවත් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා සමාගම්වල සිදුව ඇති බව කියන අක්‍රමිකතා සෙවීම පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යුරෝපීය හා ඇමරිකානු කලාපීය ප්‍රධානී මනෝජ් ද වාස් ගුනවර්ධන පැවසීය.
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා සමාගම්වල සිදුව ඇති බව කියන අක්‍රමිකතා සෙවීම පිළිබඳ ජනාධිපති කොමිසම ඊයේ (25) රැස්වු අවස්ථාවේ ඔහු මේ බව කීය.
සාමාන්‍යයෙන් සමාගමේ විධායක මට්ටමේ තීන්දු සම්බන්ධව වගකීම තිබෙන්නේ ප්‍රධාන විධායක නිලධාරියාට වන නමුත්,ඇමරේෂන් කෝපරේෂන් නම් සමාගමක් සමඟ අදාළ ලිපි හුවමාරුව සිදු වී තිබූ අතර එවකට ප්‍රධාන විධායක නිලධාරියා ලෙස තමාට එම ලිපිගොනුවල පිටපතක් හෝ යොමු කර නොතිබූ බව ඔහු පැවසීය.
අදාළ සමාගම මෙම ලිපි ගනුදෙනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, හිටපු රාජ්‍ය ව්‍යාපාර අධ්‍යක්ෂ ජනරාල් බී.එම්.එස්. බටගොඩ සහ වරාය හා ගුවන් සේවා අමාත්‍යංශ ලේකම්රංජිත් ද සිල්වා යන අය සමඟ සිදු කර ඇති බවත්,ඇමරේෂන් කෝපරේෂන් සමාගම හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමඟ මෙම ලිපි හුවමාරුව සිදු වී ඇත්තේ 2010 වසරේ ජනවාරි 07, පෙබරවාරි 15 හා 17 යන දිනවලදී වුවද,තමා එම ලිපි දුටුවේ 2010 වසරේ ජූනි හෝ ජූලි මාසවලදී බවද ගුණවර්ධන මහතා පැවසීය.

