එජාපයේ ඉල්ලීම මත රාජපක්ෂලා දඬුකඳේ ගැසීමට ජනපති සැරසේ !

 එජාපයේ ඉල්ලීම මත රාජපක්ෂලා දඬුකඳේ ගැසීමට ජනපති සැරසේ !

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ රටට ඉමහත් ආර්ථීක පාඩුවක් සිදු කළ ප්‍රමුඛ ගනුදෙනු කිහිපයක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර සොයා බැලීමක් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව එජාපයේ පසු පෙළ ප්‍රබල මන්ත්‍රීවරයකු 'නිව්ස් ටියුබ්' වෙත පැවසිය.

තමා ඇතුළු එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ජනාධිපතිවරයා හමුවී, හෙජිං ගනුදෙනුව, ග්‍රික් බැදුම්කර ගනුදෙනුව, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගනුදෙනු හා දුෂණ අක්‍රමිකතා, උමා ඔය ව්‍යාපෘතිය ඇතුළු පසුගිය රාජපක්ෂ පාලන සමයේ කතා බහට ලක් වු ව්‍යාපෘති හා රාජ්‍ය ආයතන කිහිපයක් පිළිබඳව සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාව පිහිටුවන ලෙස ඉල්ලා සිටි බව ඔහු කියා සිටියේය.

එහිදී වත්මන් මහ බැංකු බැදුම්කර කොමිසම ක්‍රියාකළ ආකාරයටම අදාළ කොමිෂන් දිනපතා රැස්වී ඉක්මනින් කටයුතු අවසන් කළ යුතු බවට ද එම පිරිස අවධාරණය කර තිබේ.

එම ඉල්ලීම සිදුකර දින කිහිපයක් ඇතුලත දී ජනාධිපතිවරයාගෙන් ලැබුන ප්‍රතිචාර අගයකල යුතු බවද අප වෙත ප්‍රකාශයක් කල එජාප ප්‍රබලයා වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපතිගේ ප්‍රතිචාරය මෙන්න :

මේ අතර ඊයේ (22) රාත්‍රී පැවති ශ්‍රීලනිප ආසන සංවිධායකයින්ගේ විශේෂ රැස්වීම අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුයේ, මිහින් ලංකා හා ශ්‍රීලන්කන් ආයතන වල සිදුව ඇතැයි කියන දැවැන්ත වංචා හා දුෂණ සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබා ගැනීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන බවයි.

එම කොමිසම හරහා පසුගිය යුගයේ සිදුව ඇති මහ පරිමාණයේ දුෂණ වැලක් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි ද ජනාධිපතිවරයා විශ්වාසය පළකළේය.

 සබැඳි පුවත් :

රාජපක්ෂවරුන්ගේ වංචා දුෂණ සොයන්න ජනපති කොමිසමක් !

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න