කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ ඉදිවෙමින් පවතින නෙලුම් කුළුණ හි නම නෙලුම් නොව "පගා" ලෙස වෙනස්කර පගා කුළුණ යනුවෙන් හැඳින්විය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (30) මාතර පැවති එජාප කොට්ඨාශ බලමණ්ඩල පිහිටුවීමේ අවස්ථාවේ සභාව අමතමින්ය.
එහිදී සංවර්ධනය මුවාවෙන් පැවති රාජපක්ෂ රෙජීම පාලනය පගා ගැනීමටම සීමාවූ බව පෙන්වාදුන් අමාත්‍යවරයා එබැවින් දැනට ඉදිකිරීම් අවසන් අදියරේ තිබෙන නෙලුම් කුළුණ රාජපක්ෂ යුගයේ පැවති "පගා පාලනය" සංකේතවත් කරන්නට පගා කුළුණ ලෙස නම් විය යුතු බවද අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා එජාප මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ද සහභාගීව සිටියේය.

