ජනාධිපතිවරයා ජාත්‍යන්තරයට දුන්න පොරොන්දුව සුමන්තිරන් සිහිපත් කරදෙයි !

ජනාධිපතිවරයා ජාත්‍යන්තරයට දුන්න පොරොන්දුව සුමන්තිරන් සිහිපත් කරදෙයි !

එක්සත් ජාතීන්ගේ 73 මහා මණ්ඩලය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින් කරන ලද කතාව දෙමළ ජනතාවට ජාත්‍යන්තරයට දුන් පොරොන්දු කඩ කිරීමක් බව ද්‍රවිඩ  ජාතික සන්ධානයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් සඳහන් කරයි.

2015 වසරේ දී ශ්‍රී ලංකා රජයද සම අනුග්‍රහය සහිතව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් අනුමත කරනු ලබන 30-1 යෝජනාව අනුව යුද අපරාධ මානව හිමිකම් ආදී කාරණා ගැන ජාත්‍යන්තර මැදිහත්වීම මත විමර්ශනය කිරීමට ලක් රජය එකඟතාවය පළ කළ බව සිහිපත් කරන මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ  වගවීමේ කාර්යයේදී ජාත්‍යන්තරයට දෙන ලද පොරොන්දු කඩ නොකළ යුතු බවත් ඒ සඳහා ජනාධිපතිවරයාට ආත්ම ශක්තිය ලැබෙන්නැයි ප්‍රාර්ථනා කරන බවත්ය.

එසේම  ශ්‍රී ලංකාවේ ප්‍රශ්න තමන්ටම විසඳාගන්නා බවත් එයට ජාත්‍යන්තර මැදිහත් නොවන ලෙසත් ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය තමන් පිළිනොගන්නා බවද ඔහු සඳහන් කර ඇත. 

තවද ජනාධිපතිවරයා මේ ස්ථාවරය  කඩිනමින් වෙනස් කර ගත යුතු යැයි බවත් යෝජනාව සම්මත වී වසරකට පසුව හෝ  ජනාධිපතිවරයා දෙමළ ජනතාවට දුන් පොරොන්දු ඉටු කළයුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.

ජනාධිපති කතාව සැන්ඩි කරලා !

මේ අතර අනිද්දා පුවත්පත පසුගියදා අනාවරණය කර තිබුණේ එක්සත් ජාතීන්ගේ 73 මහා මණ්ඩලය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකිරීමට නියමිතව තිබු කතාව අවසන් මොහොතේ වෙනස්කර ඇති බවය.

සබැදි පුවත 

ජිනීවා යෝජනාවට එරෙහිව සැලසුම් කළ කතාව ජනපති හකුලාගෙන

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න