19+ අධ්‍යාපනික රැකියා ප්‍රදර්ශනය අස්සේ : ගුරුන්ට සිසුන්ට බලපෑම් 

19+ අධ්‍යාපනික රැකියා ප්‍රදර්ශනය අස්සේ : ගුරුන්ට සිසුන්ට බලපෑම් 

අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධානය කරන 19+ අධ්‍යාපනික රැකියා ප්‍රදර්ශනයට උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් අනිවාර්යෙන් සහභාගී වන්නැයි ද ඊට අවශ්‍ය ගමන් වියදම් පාසල් සංවර්ධන ගිණුමෙන් ලබාගන්නැයි ද දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශය ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ට ලිඛිතව නියෝග කර ඇතැයි ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට පැමිණිලි කර ඇත. 

19+ අධ්‍යාපනික රැකියා ප්‍රදර්ශනය අස්සේ : ගුරුන්ට සිසුන්ට බලපෑම් අධ්‍යාපන අමාත්‍යංශයේ විෂය පථයට කිසිසේත් අදාළ නොවන කාර්යක් සම්බන්ධයෙන් විශාල මූල්‍ය පිරිවැයක් හා කාලයක් යොදාගැනීමක් මෙමගින් සිදුවන්නේ යැයි ද අමාත්‍යංශයේ අතිරේක ලේකම්(අධ්‍යාපන) විසින් නිකුත් කරනු ලැබ ඇති මෙම නියෝගය වහා ආපසු හකුලාගන්නැයි ද එම සංගමය සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි. 

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේදී ලබන 3 වැනිදා සිට 7 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙමගින් උසස් අධ්‍යාපන අවස්ථා සඳහා පාසල් සිසුන් ගොනුකර ගැනීමට පෞද්ගලික අංශයට ඉඩ ප්‍රස්ථා විවර වන්නේ යැයි ද එවැනි දෙයකට අතගැසීම අධ්‍යාපන අමාත්‍යංශයේ කාර්යක් නොවන්නේ යැයි ද එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි. 

පාසල් අධ්‍යාපනයෙන් බැහැර අවුරුදු 19 ඉක්ම වූ සිසුන්ගේ උසස් අධ්‍යාපන හෝ වෘත්තිය අධ්‍යාපනය සම්බන්ධව වගකීම් දරණ අමාත්‍යංශයක් හා ඊට අනුබද්ධිත රජයේ වෘත්තිය පුහුණු ආයතන ක්‍රියාත්මක බව දැන දැනම අධ්‍යාපන ඇමැතිවරයා මෙවැනි කටයුතු කරන්නේ පටු දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීමට යැයි ද ලංකා ගුරු සේවා සංගමය වැඩිදුරටත් චෝදනා කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න